2026 ජූලි 29 බදාදා, 08:55
නවතම පුවත්

බ්ලැක්ලිස්ට් කරපු කොම්පැනියකට බෙහෙත් ටෙන්ඩරයක් දෙන්න ආණ්ඩුවෙ පිරිසක් ලෑස්ති වෙනවලු

‘ක්ලොර්ගෙක්සීඩීන්’ (Chlorhexidine) නම් මුඛය පිරිසිදු කිරීමට භාවිත කරන විෂබීජ නාශක දියර බෝතල් 270,000 ක් මිලදීගැනීමට රුපියල් මිලියන 37 කට (කෝටි 4 ආසන්න) ආසන්න වටිනාකමකින් යුතු ටෙන්ඩරයක් අසාදු ලේඛනගත කර ඇති ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නැති සමාගමකට ප්‍රදානය කිරීමට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ටෙන්ටරය මණ්ඩලය සූදානම් වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසයි.

මෙම ටෙන්ඩරය සම්බන්ධව වහාම විමර්ශනයක් කර මෙම අක්‍රමිකතාවට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් වෛද්‍ය චමල් සංජීව ඉල්ලීමක් කරයි.

අදාල බංග්ලාදේශ සමාගම මෙරට රජයට ගෙවිය යුතු රුපියල් මිලියන 130 කට ආසන්න මුදලක් නොගෙන වීම මත අසාදු ලේඛනගත කළ සමාගමක් බවත්, ‘ක්ලොර්හේක්සීඩීන්’ නැමැති නිෂ්පාදනය සඳහා මෙම ටෙන්ඩරයේ ප්‍රදානය කරන වන විටත් ඖෂධ නියාමන අධිකාරියේ නිසි ලියාපදිංචිය හෝ ලොව පිළිගත් ලෝක සෞඛ්‍ය සංවිධාන රසායනාගාරයක ප්‍රමිති සහතිකය අදාළ සමාගම ගෙන නොමැති බවත් හෙතෙම පෙන්වාදෙයි.

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ඇතුළු එහි ටෙන්ඩර් කමිටුව තීරණය කළේ කුමන පදනමක් මතදැයි විමර්ශනය කළ යුතු බව කියන වෛද්‍ය චමල් සංජීව, මෙම සමාගමට ඉහත සම්පූර්ණ බෝතල් ප්‍රමාණය සඳහා ඇමෙරිකානු ඩොලර් 124,200 ක් හෙවත් රුපියල් මිලියන 37 කට ආසන්න මුදලක් වටිනා ටෙන්ටරය ප්‍රදානය කිරීමේදී ටෙන්ඩර් කමිටුවේ පරස්පර විරෝධී තීරණ කිහිපයක් නිරීක්ෂණය වන බව ද සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී නව ආණ්ඩුව යටතේ පත්කළ නිලධාරීන් මෙම ගනුදෙනුව සිදුකර ඇති බැවින් වහාම මේ සම්බන්ධව විමර්ශනයක් සිදුකර ආක්‍රමිකතාවක් වී ඇත්නම් වගකිව යුතු නිලධාරීන් සම්බන්ධව පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද වෛද්‍ය චමල් සංජිව වැඩිදුරටත් සඳහන් කරයි.(ලංකාදීප)

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories