2026 ජූලි 29 බදාදා, 10:57
නවතම පුවත්

JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නිර්මාතෘ රෝහණ විජේවීරගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිඳ සහ දරුවන් ආරක්ෂා කිරීම සහ නඩත්තු කිරීම වෙනුවෙන් රජය විසින් මෙතෙක් රුපියල් දෙකෝටි හැටහය ලක්ෂයකට අධික මුදලක් (රු. 26,278,052.39) වැය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියි.පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, […]

මීගමුව බන්ධනාගාර සිදුවීම වගවීම තහවුරු කරන්නැයි ‘දිනන දකුණ’ සාමූහිකයෙන් රජයට බලපෑම් මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය දිනවල සිදුවූ අවාසනාවන්ත ගැටුම සහ ඉන් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් පූර්ණ විනිවිදභාවයකින් යුත් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි ‘දිනන දකුණ’ සාමූහිකය රජයෙන් දැඩිව ඉල්ලා සිටී. එම සාමූහිකය පෙන්වා දෙන්නේ, බන්ධනාගාර නිලධාරීන්ගේ මරණය මෙන්ම සිරකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රාජ්‍යය සතු වගකීම පැහැර හැරිය […]

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි

මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීම සහ 100කට අධික පිරිසක් තුවාල ලැබීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියි. මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ශෝකය පළ කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය, මියගිය අයගේ පවුල් වෙත සිය බලවත් සංවේගය පළ කරන අතර තුවාල ලැබූවන් […]

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් 26ක් මරුට: රජයේ වගකීම පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය

පසුගිය ජුලි මස 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ බරපතල නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම සිදුවීමෙන් තවත් පුද්ගලයන් 100කට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති බව ද වාර්තා වේ. මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින්, […]

MR කොත්තු හිමිකරු විරාජ් වික්‍රමනායක පොලිස් අත්අඩංගුවට

දිවයිනේ ප්‍රසිද්ධ ආහාර සැපයුම් සේවා ජාලයක් වන “මිස්ට කොත්තු” (Mr. Kottu) ව්‍යාපාරයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක මහතා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් සහ මූලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර සඳහා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත

ඩී.එස්. සේනානායක විද්‍යාලයේ 60 වැනි සංවත්සරයට සමගාමීව “Singalong with Marians” ප්‍රසංගයක් ජූලි 3 දා!

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ අභිමානවත් 60 වැනි සංවත්සරය ලබන වසරට යෙදී තිබේ. එය නිමිත්තෙන් විද්‍යාලීය සංවර්ධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් විශේෂ සංගීත ප්‍රසංගයක් සංවිධානය කර ඇත. විද්‍යාලයේ 86 කණ්ඩායම (86 Batch) විසින් මෙහෙයවනු ලබන “SINGALONG WITH MARIANS” ප්‍රසංගය ලබන ජූලි මස 03 වැනිදා පස්වරු 7:00 ට කොළඹ 07, මේට්ලන්ඩ් හි පිහිටි ග්‍රෑන්ඩ් රඟහලේදී […]

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!

අධිකරණ අපහාසයට මුවාවෙමින් පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය සීමා කිරීමට පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දරන උත්සාහය ‘දිනන දකුණ සාමූහිකය’ විසින් දැඩි සේ හෙළා දැක තිබේ. අද (16) දින විශේෂ මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කරමින් එම සාමූහිකය අවධාරණය කරන්නේ, මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය […]

සරණ ගුණවර්ධන වරදකරු කෙරෙයි . සිව් අවුරුද්දක සිර දඬුවමක් .

දූෂණ චෝදනා සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරන බව කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළා.සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. විත්තිකරුට දඬුවම් නියම කිරීමට නියමිත අතර, ඊට අදාළ කරුණු දැක්වීම් නීතිඥවරුන් විසින් මේ […]

PTA වහාම අහෝසි කරනු! – ‘දිනන දකුණ සාමූහිකය’ රජයට බල කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරන ලෙසත්, එම මර්දනකාරී නීතිය උපයෝගී කරගනිමින් හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සාලේ (Suresh Salley) දීර්ඝකාලීනව රඳවා තබා ගනිමින් සිදු කරන “අවමන් සහගත සැලකීම” වහාම නතර කරන ලෙසත් ‘දිනන දකුණ සාමූහිකය’ වත්මන් රජයෙන් ඉල්ලා සිටී. අද (08) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් […]

රවී සහ අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිස නිදහස් කිරීමට මහාධිකරණය දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිසක් විභාගයකින් තොරවම නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය ලබා දී තිබූ නියෝගය වැරදි සහගත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 1) තීන්දු කළේය. ඒ අනුව, අදාළ චූදිතයන්ට සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා ඇති නඩුව ඉදිරියට […]