2026 ජූලි 29 බදාදා, 11:22
නවතම පුවත්

මහජන ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගන්නවා

මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගැනීම වගකීමකින් ක්‍රියා කරන ආණ්ඩුවක කාර්යභාරය යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.’ රට හදන අපි එකට මාලිමාවට’ මැයෙන් (24 දා) පැවති පුත්තලම ජයග්‍රාහී ජනතා රැලිය අමතමින් වැඩි දුරටත් කතා කළ ජනපතිවරයා මෙසේද පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයේ ආසන ගණනාවක් ජයග්‍රහණය කරමින්, මෙම දිස්ත්‍රික්කයෙන් අපට විශාල ජයග්‍රහණයක් ලබා දුන්නා සේම මහා මැතිවරණයෙන් මේ දිස්ත්‍රික්කයේ ආසන සියල්ලම ජයග්‍රහණය කරන බව පැමිණ සිටින මේ මහා ජන ගංගාවෙන් තහවුරු වෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මේ දක්වා පත්කර යැවූ මන්ත්‍රීවරුන් කවුද? ඒඅ ය බලෙන් ඉඩම් ඇල්ලීම, කුඩු ජාවාරම් කිරීම, හොර රත්‍රන් ජාවාරම් කිරීම, කප්පම් ගැනීම, බලෙන් ඉස්සන් කොටු ඇල්ලීම වැනි ජනතා ද්‍රෝහී ක්‍රියාවලට යොමුවෙලා හිටියා. ජනතාව පීඩාවේ හෙළන මන්ත්‍රීවරුන් වෙනුවට ජනතාව සමග උරෙනුර ගැටී රට ගොඩනඟන නව සංස්කෘතියක් සහිත මන්ත්‍රීවරුන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට එවන්න. ඒ වෙනුවෙන් ඉන්නේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම පමණයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පොදුවේ තිබෙන විරෝධය අවසන්කර පාර්ලිමේන්තුව ශුද්ධ කිරීමේ මහා ශ්‍රමදානයට මාලිමාවෙන් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. අපි එහෙම කියන කොට සමහර අය කියනවා, මාලිමාවේ අපේක්ෂකයන්ගේ මුහුණු දන්නේ නෑ කියලා. අපරාධ කරලා ජාවාරම් කරලා ප්‍රසිද්ධ වුනු මුළු රටම දන්නා අපරාධකරුවන් වෙනුවට මේ රට ගොඩනැඟිය හැකි මාලිමාවේ බලවත් ආණ්ඩුවක් ගොඩනඟන්න අපි කටයුතු කරමින් සිටිනවා.

ජනාධිපතිවරණයෙන් පසු ලෝකයේ සිටින කුඩාම කැබිනට් මණ්ඩලය හැදුවා. අපි ගෙනයන ආණ්ඩු ක්‍රියාකාරීත්වයේ අඩුවක් දැනෙනවාද? එවැනි අඩුවක් නැහැ. රතිඤ්ඤාවක්වත් පත්තු නොවන ආකාරයේ ජයග්‍රහණයක් සමරමින්, ලබාදී තිබෙන ආදර්ශය මේ මහා මැතිවරණයේදී ද ඡන්ද ව්‍යාපාරය තුළ රැකගනිමින් සිටිනවා. විශේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කය කියන්නේ, මැතිවරණ භීතියක් ඇතිකරපු දිස්ත්‍රික්කයක්. නමුත් මේ මැතිවරණ සමය තුළ සාමකාමීම මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අත්දැකීමක් ඉතිහාසයට එක්කර තිබෙනවා. සමහරු කතා කරනවා යුරෝපයේ පවතින දියුණු දේශපාලන සංස්කෘතිය ගැන. එවැනි දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමේ මැතිවරණ ව්‍යාපාරයක් ජාතික ජන බලවේගය ගෙනයමින් සිටිනවා. මහා මැතිවරණයේදී ලබාගන්නා විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුවත් මේ තත්වය රැකගැනීමේ දේශපාලන සංස්කෘතියක් තහවුරු කරනවා. “

පකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ බිරිය බුෂ්රා බීබී මාස 9කට පසු ඇප මත බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉම්රාන් ඛාන් අග­මැ­ති ­ධු­රයේ සිටි­යදී රාජ්‍ය­තා­න්ත්‍රි­ක­ය­න්ගෙන් ලැබුණු වටිනා ත්‍යාග භාණ්ඩා­ගා­ර­යට ලබා නොදී සිය හිත­ව­තුන් අතර බෙදා දුන් බව­ටත්, තවත් ත්‍යාග ප්‍රමා­ණ­යක් අධික මිල­කට අලෙවි කර මුදල් උපයා ගත් බව­ටත් චෝදනා ලැබූ බුෂ්රා බීබී වසර 14ක සිර­ද­ඬු­වම් නියම වූ අතර, ඇය පසු­ගිය ජන­වා­රි­යේදී බන්ධ­නා­ගා­ර­ගත කර තිබිණි. රාව­ල්පිණ්ඩි නුවර අඩි­යලා බන්ධ­නා­ගා­රයේ රඳවා තබා සිටි ඉම්රාන්ගේ බිරිය ඇප මත නිද­හස් කර ඇත්තේ ඉස්ලා­මා­බාද් මහා­ධි­ක­ර­ණය නියෝ­ග­යෙන් බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.

බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස ලැබූ බුෂ්රා බීබී මෝටර් රථ පෙළක ආර­ක්ෂාව මැද සිය නිවෙස වෙත පැමි­ණෙද්දී මාර්ගයේ දෙපස රැඳී සිටි විශාල පිරි­සක් ඇයට සුබ පැතූ බවත්, ඇය පිළි­ගැ­නී­මට ඇගේ නිවෙස අසල ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නාය­ක­යන් සහ හිත­වා­දීන් විශාල පිරි­සක් රැස්ව සිටි බවත් ඩෝන් පුවත් සේවය සඳ­හන් කළේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories