2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 05:52
නවතම පුවත්

ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු ශ්‍රී ලංකා මුහුදේදී අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු සහ ඔවුන්ගේ ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීම මන්නාරමට උතුරින් පිහිටි මුහුදු සීමාවේදීයි සිදු වී ඇත්තේ.

පසුගිය ඉරිදා රාත්‍රියේ උතුරු මැද නාවික විධානය විසින් දියත් කරන ලද විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර බෝට්ටු කිහිපයක් නාවික හමුදා නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, එම බෝට්ටු මන්නාරමට උතුරින් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පලවා හැරීමට පියවර ගත්තා.
මෙම මෙහෙයුම අතරතුර, එක් ඉන්දීය ධීවර බෝට්ටුවක් සහ එහි සිටි ධීවරයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි වුණා. ඔවුන් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් ධීවර බෝට්ටුව සහ ඉන්දීය ධීවරයින් තලෙයිමන්නාරම ජැටිය වෙත ගෙන එන ලද අතර, වැඩිදුර නීතිමය කටයුතු සඳහා ඔවුන් මන්නාරම ධීවර පරීක්ෂකවරයා වෙත භාර දී තිබෙනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories