2026 ජූලි 29 බදාදා, 03:29
නවතම පුවත්

විදේශගත ලාංකිකයන්ටත් රියදුරු බලපත්‍ර ගුවන්තොටුපළේදීම

විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව තීරණයක් ගෙන තිබේ. මෙමගින් නිවාඩුව සඳහා මෙරටට පැමිණෙන ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමට කාර්යාල වෙත ගොස් පෝලිම්වල රැඳී සිටීමට සිදුවන අපහසුතාව මඟහැරෙනු ඇත.

මෙම පහසුකම යටතේ ඔවුන් විදේශ රටකදී ලබාගෙන දැනට භාවිත කරනු ලබන වලංගු රියදුරු බලපත්‍රය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ වාහන ධාවනය සඳහා අවශ්‍ය වන තාවකාලික බලපත්‍රය නිකුත් කරනු ලැබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ දැනටමත් ස්ථාපිත කර ඇති විශේෂ කවුළුව හරහා මෙම සේවාව කඩිනමින් ලබා ගත හැකි බවයි.

කටුනායක ගුවන්තොටුපළේ පිහිටි මෙම කවුළුව මගින් පසුගිය අගෝස්තු මස 03 වැනිදා සිට මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරමින් පවතී. එම සේවාව තවදුරටත් පුළුල් කරමින් විදේශගතව සිට පැමිණෙන මෙරට වැසියන්ට ද එම අවස්ථාව ලබා දීමට බලධාරීන් පියවර ගෙන ඇත්තේ ඔවුන්ගෙන් ලැබුණු දිගින් දිගටම ලැබුණු ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමිනි.

මෙම නව ක්‍රමවේදය හරහා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයක් මෙන්ම විදේශගත ලාංකිකයන්ට සිය මව්බිම තුළ ගත කරන කාලය වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමට අවස්ථාව සැලසේ. විශේෂයෙන්ම උත්සව සමයේ මෙරටට පැමිණෙන පිරිසට මෙය මහඟු සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories