2026 ජූලි 29 බදාදා, 02:20
නවතම පුවත්

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් යයි

දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු යළි සමාලෝචනය කිරීමටත්, එම වැඩපිළිවෙළ 2027 වසර දක්වා කල් දැමීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. අද (13) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අනාවරණය කළේය. පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූ 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාළ ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රශ්නගත ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ජාතික අධ්‍යාපන ආයතනය විසින් සිදුකරන ලද විමර්ශන වාර්තාවල ප්‍රතිඵල මත මෙම පියවර ගෙන ඇත. අදාළ දෝෂ සහිත මොඩියුලය සකස් කිරීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

කෙසේ වෙතත්, 6 වන ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ කල් දැමුවද 1 වන ශ්‍රේණිය සඳහා සැලසුම් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කිසිදු වෙනසකින් තොරව නියමිත පරිදි ඉදිරියට ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඒ අනුව නව ප්‍රතිසංස්කරණ යටතේ 6 වන ශ්‍රේණිය සඳහා වන විෂය නිර්දේශයන් සහ මොඩියුලයන් යළිත් විධිමත් සමාලෝචනයකට ලක් කිරීමෙන් අනතුරුව 2027 වසරේදී හඳුන්වා දීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories