2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:08
නවතම පුවත්

බාර් පර්මිට් දෙන්න නිර්දේශ කළ අයගේ නම් ප්‍රසිද්ධ කරන්න

පසුගිය ආණ්ඩුව කාලයේ බාර් පර්මිට් ලබාගත් අයගේ නම් ලැයිස්තුව පමණක් නොව ඔවුන්ට බාර් පර්මිට් ලබාදිය යුතු යැයි නිර්දේශ කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවත් හෙළිදරව් කළ යුතු යැයි ඉලංගෙයි තමිල් අරසු කච්චි මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස තුනක කාලයක් ඇතුළත බාර් පර්මිට් ලබාගත් අයගේ මෙන් ම ඒ සඳහා නම් නිර්දේශ කළ අයගේ ලැයිස්තුව හෙළිදරව් කරන බව පැවැසුවත් බාර් පර්මිට් ලබා ගැනීමට නම් නිර්දේශ කළ අය පිළිබඳ හෙළිදරව් නොකිරීමෙන් වත්මන් ආණ්ඩුවත් වංචාවට දූෂණයට සහාය දක්වන්නේ දැයි යන සැකයක් මතුවන බව ඔහු සඳහන් කළේය.

යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළේය.

දේශපාලන අල්ලස් වශයෙන් බාර් පර්මිට් ලබා දී ඇති බවට චෝදනා එල්ල වන බැවින් මෙසේ බාර් පර්මිට් ලබා දීමට නිර්දේශ කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවත් ආණ්ඩුව වහා ම හෙළිදරව් කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබූ උතුරු නැගෙනහිර පළාත් නියෝජිතයන් දෙදෙනෙකු දැනටමත් තමන් බාර් පර්මිට් ලබා ගැනීමට නිර්දේශ කළ බව පිළිගෙන තිබෙන බව ද ඔවුන් පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් නොවූ බව ද සුමන්තිරන් මහතා කීය.

බාර් පර්මිට් ලබාදී ඇත්තේ, දේශපාලන අල්ලස් වශයෙන් බැවින් යැයි වත්මන් ආණ්ඩුවේම ප්‍රකාශකයන් මැතිවරණයට පෙර පැවැසූ බැවින් බාර් පර්මිට් ලබා දීමට නිර්දේශ කළ මහජන නියෝජිතයන්ගේ ලැයිස්තුවත් හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක් බවද සුමන්තිරන් මහතා වැඩිදුරට ත් මෙහිදී අවධාරණය කළේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories