2026 ජූලි 29 බදාදා, 08:01
නවතම පුවත්

ලංකාවේ සෑම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍යයි – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ලංකාවේ සෑම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

යාපන හින්දුු විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට ජනවාරි 15 දින එක්වූ අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

යාපනයේ හින්දු විද්‍යාලයේ ශිෂ්‍යයන් සහ ගුරුවරුන් සමග සුහද පිළිසඳරක නිරත වූ අග්‍රාමාත්‍යවරිය පාසලේ හින්දු සංස්කෘතික අතීතය නිරූපණය වන කෞතුකාගාරය නිරීක්ෂණයටද එක් වුවාය.

මෙහිදී පාසල ලද ජයග්‍රහණ හා පාසලේ කටයුතු පිළිබඳ වාර්තාවක් අග්‍රාමාත්‍යතුමිය වෙත ඉදිරිපත් කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“යාපනයේ හින්දු විද්‍යාලය දීර්ඝ ඉතිහාසයක් තියෙන ලංකාවේ ප්‍රධාන පාසල් අතරින් එකක්.

පාසල ලබාගත් ජයග්‍රහණ ගැන ඔබ ඉදිරිපත් කළ වාර්තාව ඉතා රසවත් එකක්. පාසලේ ගිණුම් කටයුතු විනිවිද භාවයකින් යුක්තව පවත්වාගෙන ගිය ආකාරය අනිත් පාසල් වලටත් ආදර්ශයක්.
රජයක් විදිහට අපි අධ්‍යාපනයට ප්‍රධාන තැනක් ලබා දෙනවා. අධ්‍යාපනය තුළ පරිවර්තනීය වෙනසක් කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

විදුහල්පතිතුමා කිව්ව විදිහට මේ වන විට ටියුෂන් පන්ති වර්ධනය වෙලා තියෙනවා. අපි හැමෝම දන්නවා ටියුෂන් කර්මාන්තය ප්‍රවර්ධනය වෙලා තියෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය අසාර්ථක වීම නිසා. ටියුෂන් පන්ති අඩුකරන්න නම් අපේ දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් පාසල තුළින් ලබා දිය යුතුයි. යාපනයේ හින්දු විද්‍යාලයට විතරක් නෙවෙයි ලංකාවේ හැම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් ලබාදීමටයි අපට අවශ්‍ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම ගැන ඔබ ඇතුලු උතුරු පළාතේ අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරීන් සමග අපි සාකච්ඡා කළා.

අපේ වගකීම වන්නේ හොඳ අධ්‍යාපනයක් මගින් මේ සමාජයට ගුණගරුක, ආචාරශීලී හොද නායකත්වයක් බිහි කිරීමයි “

මෙම අවස්ථාවට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරම්, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් , යාපනයේ හින්දු විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය, එම විදුහලේ සිසුන් සහභාගි වූහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories