2026 ජූලි 31 සිකුරාදා, 06:55
නවතම පුවත්

ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා දහස් ගණනක් වීදි බසියි

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස වත්මන් රජයට බලපෑම් කරමින් PTI පාක්ෂිකයින් දහස් ගණනක් බොහෝ ප්‍රදේශවල සිට එරට ඉස්ලාමාබාද් අගනුවර දක්වා විරෝධතා පෙළපාලි ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථාන පොලිසිය PTI පාක්ෂිකයින් 4,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය.

අපරාධ චෝදනා 150කට වැඩි ප්‍රමාණයකට චෝදනා ගොනු කරමින් පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිරගත කර මේ වනවිට වසරකට වැඩි කාලයක් ගතවි ඇත.

PTI පක්ෂය පවසන්නේ, දිනෙන් දින ඔහුගේ ජනප්‍රිය බව ඉහළ යාම සහ ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය ජනතාව අතර ප්‍රචලිත වීම නිසා, ඉම්රාන් ඛාන්ට විරුද්ධව අසත්‍ය කරුණු ගොඩනගමින් චෝදනා රැස්කර සිරගත කර සිටින බවයි.

එබැවින්, සිය නායකයා නිදහස් කරන ලෙසට වත්මන් අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ්ගේ රජයට බලපෑම් කිරීම සඳහා PTI පාක්ෂිකයින් පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා පා ගමනක් සංවිධානය කළ අතර, එහි ගමනාන්තය වූයේ පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නගරයයි.

විරෝධතා පා ගමන මැඩපැවැත්වීම සඳහා විශාල බහාලුම් යොදා ගනිමින් ඉස්ලාමාබාද් වෙත දිවෙන සියලු මාර්ග අවහිර කිරීමට පාකිස්ථාන රජය පියවර ගෙන තිබූ අතර ආරක්ෂක නිලධාරීන් 70,000කට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

විරෝධතාකරුවන්ට අනතුරු අඟවමින් දුරකථන සබඳතා අත්හිටුවමින් සමාජ ජලා වෙත පිවිසීම ද වළක්වමින් ඉස්ලාමාබාද් අගනුවර ද ආරක්ෂක අගුළු දැමීමකට ලක් කෙරුණේ විරෝධතා මැඩලීමේ අරමුණින් බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ඇතැම් ස්ථානවලදී PTI පාක්ෂිකයින්ගේ පා ගමන අවහිර කළ ආරක්ෂක අංශවලට ප්‍රහාර ද එල්ල විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories