2026 ජූලි 31 සිකුරාදා, 16:23
නවතම පුවත්

හිටපු අමාත්‍ය පිල්ලෙයාන්ට ඝාතන පහකට චෝදනා – CID පුළුල් විමර්ශන

හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ඝාතන සිද්ධීන් පහකට සම්බන්ධ ද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම බරපතල චෝදනා අතර පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියක්ද ඇතුළත් වන බව විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත. මේ වන විටත් CID කණ්ඩායම් කිහිපයක් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම විමර්ශන ආරම්භ වී ඇත්තේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් CID විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී අලුතින් කරුණු අනාවරණය වීමත් සමඟය. මහාචාර්ය රවින්ද්‍රනාත් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් කිහිපයක් මඩකළපුව ප්‍රදේශයට යවා ඇත. ඔවුන් සැකකරුවන් කඳවුරු පවත්වාගෙන ගිය ස්ථාන නිරීක්ෂණය කර ඇති අතර, දැනටමත් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසයි. අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම බරපතල සිද්ධීන් පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි. මෙම විමර්ශන මගින් ඝාතනවලට සම්බන්ධ සත්‍ය තොරතුරු නිරාවරණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories