2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 05:52
නවතම පුවත්

පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව වතිකානය නිවේදනය කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාත තත්ත්වයක් මත ඇති වූ හෘදයාබාධයක් බව වතිකානය නිවේදනය කර තිබේ.

උන්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා කාදිනල්හිමිවරුන්ගේ මණ්ඩලය අද (22) රැස්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව අදාළ කාදිනල් හිමිවරුන්ගේ මණ්ඩලය වතිකානු නගරයේ සිනොඩ් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

එමෙන්ම වතිකානයේ සිස්ටන් දෙව්මැදුර ඇති අපෝස්තලික මාලිගයේ තුන්වන මහලේ ඇති ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මහල් නිවාසයේ සහ උන්වහන්සේ ජීවත් වූ කැසා සැන්ටා මාර්ටා හි දෙවන මහලේ ඇති මහල් නිවාසය සම්ප්‍රදායානුකූලව මුද්‍රා තබා ඇත.

මේ අතර පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ආර්ජන්ටිනාවේ දින හතක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවෙ විදෙස් වාර්තා සඳහන් කළේය.

එමෙන්ම බ්‍රසීලය ද සතියක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

මීට අමතරව ඕස්ට්‍රියාවේදී ඊයේ පස්වරුවේ රට පුරා දේවස්ථානවල සීනු නාද කර ඇති අතර එම දේවස්ථාන සියල්ලගේම කළු කොඩි ද ඔසවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එමෙන්ම පාප් වහන්සේගේ මතකයට ගෞරව කිරීමක් වශයෙන් අයිෆල් කුළුණේ විදුලි අලෝකය ඊයේ රාත්‍රියේදී නිවා දමා තිබුණි.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍යයට සහභාගිවීමට නියමිත බව නිවේදනය කර තිබේ

එය ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධුර කාලය තුළ පළමු ජාත්‍යන්තර සංචාරය වනු ඇත.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස ඇමරිකාවේද කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර ඇති බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දේවස්ථානවල සහ කිතුනු නිවාස බොහොමයක ශුද්ධෝත්තම පියාණන්ගේ ධජය අඩ කුඹු කර තිබෙනු දක්නට ලැබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories