2026 ජූලි 29 බදාදා, 04:38
නවතම පුවත්

සබරගමුව සරසවි සිසුවාගේ මරණය ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

සබරගමුව සරසවි සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් කරුණු සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව සබරගමුව සරසවියේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත පවසනව‍ා.

එහි වාර්තාව කඩිනමින් ලබා දෙන ලෙස තමන් උපදෙස් දුන් බවයි මා‍ධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

මියගොස් ඇත්තේ සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුවෙක් වන අතර, ඔහු ඇතුළු තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුන්ට මේ දිනවල ඔන්ලයින් මාර්ගයෙන් අධ්‍යාපනය ලබා දෙන බවද, එනිසා ඔහුට විශ්ව විද්‍යාලයට පැමිණිමට අවශ්‍යතාවක් නොමැති බවද උපකුලපතිවරයා සඳහන් කළා.

කෙසේ නමුත්, අදාළ සිසුවා පසුගිය 26 වැනිදා විශ්ව විද්‍යාලයට පැමිණ ඇති බවත්, 27 වැනිදා විශ්ව විද්‍යාලයේ අවුරුදු උත්සවයකට සහභාගි වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි ඔහු පවසා සිටියේ.

එම සිසුවාට විශ්ව විද්‍යාලය තුළ නේවාසිකාගාර පහසුකම් නොමැති වුවද, ඔහු තෙවැනි වසර සිසුන් කණ්ඩායමක් සිටි නේවාසිකාගාරයක රැඳී සිට ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇති බව උපකුලපතිවරයා තවදුරටත් සඳහන් කර සිටියා.

මෙම හදිසි මරණය නවක වදය දීමෙන් සිදු වූවක් යැයි සැක කරන බවට විශ්ව විද්‍යාල සිසුවෙකු කළ පැමිණිල්ලක් මත පොලිසිය ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.‍

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories