2026 ජූලි 31 සිකුරාදා, 09:04
නවතම පුවත්

ජනවාර්ගික ගැටලුවට උපදෙස් දෙන්න චීන ලොක්කෙක් දිවයිනට

චීන ජාතික ජනවාර්ගික කටයුතු කොමිසම භාර අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිසක් පෙබරවාරි 19 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත.

දූත මණ්ඩල ප්‍රධානී අමාත්‍ය පෑන් යූ, ශ්‍රී ලංකා පාර්ශ්වය සමඟ ජනවාර්ගික සමගිය සහ සංහිඳියාව සඳහා වන උත්සාහයන් පිළිබඳ මාතෘකා පිළිබඳව සාකච්ඡා පවත්වන බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති ෂී ජින්පින්ගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයකු වන පෑන්ට චීනයේ සුළුතර කටයුතු හැසිරවීමේ කාර්යය පැවරී ඇත.

ඔහු පසුගිය වසරේ ජුනි මාසයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පූර්ණ සාමාජිකයකු බවට පත්විය.

සතියක් පුරා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන අතරතුර, චීන අමාත්‍යවරයා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ ජනවාර්ගික සමගිය සහ සංහිඳියාව සඳහා වන උත්සාහයන් පෝෂණය කිරීම සඳහා පැවරී ඇති ප්‍රධාන අමාත්‍යාංශ දෙක වන්නේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යි.

අමාත්‍ය පෑන් සිය සංචාරය අතරතුර මහනුවරට ද යෑමටද නියමිතය.

චීනයේ ජනවාර්ගික ප්‍රතිපත්ති ඉතාම අන්තගාමී වන අතර, එරට උයිගුර් ස්වයං පාලන කලාපයේ වාසය කරන මුස්ලිම් ජනයාට ඉතාම නිර්දය ලෙස සළකන බවට චීනයට චෝදනා එල්ලවේ.

මේ අතර, චීනය ජීවනෝපාය ආධාර වැඩසටහන් සමඟින් ශ්‍රී ලංකාවේ උතුරට අඛණ්ඩව ආක්‍රමණය කරයි.

කොළඹ චීන තානාපති කාර්යාලයේ භාරකාර ෂු යැන්වෙයි, අද සහ හෙට වවුනියාව, මුලතිව්, කිලිනොච්චි, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට නියමිත අතර, මෑත කාලීන ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් මිලියන 16 ක් වටිනා ආහාර පැකේජ 2,470 ක් බෙදාදීමට නියමිතය.

“ශ්‍රී ලාංකික ජනතාවට, විශේෂයෙන් උතුරු පළාතේ ජනතාවට අපගේ සහයෝගය කිසිදා නතර වී නැත. 2024 දී ශ්‍රී ලංකාව දරුණු ගංවතුරකින් පීඩාවට පත් වූ විට, චීනය කාලෝචිත ආකාරයකින් උදව් හස්තයක් දිගු කළ අතර, විපතට පත් වූවන්ට උපකාර කිරීමේ අරමුණින් රුපියල් මිලියන 400 ක් වටිනා හදිසි මානුෂීය ද්‍රව්‍ය ලබා දෙමින් සහ රුපියල් මිලියන 30 ක් රජයට හදිසි ගංවතුර සහනයක් ලෙස පරිත්‍යාග කළේය,” තානාපති කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය.

පසුගිය වසරේ චීන රජය උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ දෙකටම නිවාස ඒකක, සහල් සහ ධීවර දැල් ඇතුළු රුපියල් බිලියන 1.5 ක අත්‍යවශ්‍ය සැපයුම් ලබාදීමෙන් සහාය විය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී චීන තානාපති චී ෂෙන්හොං උතුරේ සංචාරය කළ විට පීඩාවට පත් ජනතාවට තවත් රුපියල් මිලියන 12 ක ජීවනෝපාය ආධාර ලබා දෙන ලදී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories