2026 ජූලි 29 බදාදා, 03:58
නවතම පුවත්

කිසිදු අපේක්ෂකයෙකු 50% නොගතහොත් වෙන දේ ?

මෙවර ජනාධිපතිවරණ ප්‍රථිපලය කුමක් වුවද එය පිළිගැනීම සඳහා ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බව කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50%ක මැතිවරණ ප්‍රථිඵලයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවට පළවන මතවාදයන් හේතුවෙන් එම විශ්වාසනීයත්ව ඇති කළ යුතු බව ඔහු සඳහන් කළේය.

කොළඹ පැවැති උත්සවයකට එක් වෙමින් ධම්ම දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

“ඒ සම්බන්ධයෙන් ජනතාව සුදානම් කිරීමේ වගකීම කොමිසමටත් තියෙනවා. දේශපාලන පක්ෂ හා කල්ලි කණ්ඩායම්වලටත් තියෙනවා. ඒකට හේතුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා බරපතළ විදියට එන්න පුළුවන්. මොකද හේතුව සාමාන්‍ය මිනිස්සුන්ට හිතෙනවා අපේ කෙනා තමා පළවෙනියා ආවේ. හැබැයි දෙවැනි මනාපය ගණන් කරනකොට ඡන්දේ එන එක හරි. මේකේ කිසිම ගැටලුවක් නෑ. නමුත් සිවිල් සමාජය විදියට ලොකු වගකීමක් තියෙනවා මේ එන ප්‍රතිඵලය භාරගැනීම සඳහා සුදානම් කිරීමට.”

කිසිදු අපේක්ෂකයෙකු 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගන්නා වාතාවරණයක් තුළ පළමු ගණන් කිරීමේදී දෙවන ස්ථානයට පත්වූ අපේක්ෂකයෙක් මනාප ගණන් කිරීමේන් පසු පළමු ස්ථානයට පත්වුවහොත් ඇති වන වාතාවරණය පිළිබඳ ධම්ම දිසානායක මහතා එහිදී විමසා සිටියේය.

ඊට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසෙල ප්‍රතිචාර දැක්වීය.

“ඕක දැන් බොහෝ වෙලාවට අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. එහෙම වුණොත් මොකද වෙන්නේ කියන එක. එකම දේ තියෙන නීතිමය රාමුව තුළ මේක හරි. මොකද හේතුව මනාපය කියන එක ඡන්දයක් වෙනවා නේ. ඒ නිසා මේ ක්‍රමවේදය තුළ ඉලන්න අපේක්ෂකයෝ සියලුදෙනාත් ඡන්දය පාවිච්චි කරන සියලුමදෙනාත් මේ රටේ තියෙන නීතියත් එක්ක යන්න වෙන්නේ. මේක වෙන කොහෙන්වත් ආපු එකක් නෙමෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දාලා පනතින් සම්මත කරලා, සියලු අපේක්ෂකයින් වගේම ඡන්ද දායකයෙනුත් මේක දැනගෙන ඉන්නේ. මේ ගැන දැනුවත් කිරීම හොඳයි. අපිට කියන්න පුළුවන් ව්‍යවස්ථාවේ තියෙන ආකාරය විතරයි.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories