ගර්භණී මව්වරුන්ට රුපියල් 5,000ක් වටිනා පෝෂණ මල්ලක් ලබාදීම අද (දෙසැම්බර් 16) වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පොල්රාජ් මහත්මිය සඳහන් කළේ දිවයිනේ සියලුම ලියාපදිංචි මව්වරුන්ට මෙම වැඩසටහන යටතේ වවුචර් පතක් ලබාදෙන බවයි.
ඔවුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ග ගන්නා බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.