2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:59
නවතම පුවත්

දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් තීරණයක්

නවීකරණය කරනලද උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර කොටස හෙට (22 වැනිදා) ධාවනයට විවෘත කළත් ඒ අතර වන දුම්රිය ස්ථානවල සියලුම වගකීම්වලින් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර ඇත.

රුපියල් කෝටි 3000 ක වියදමක් දරමින් නවීකරණය කරන ලද මෙම මාර්ගය ජීවිත අනතුරට ලක්වන ආකාරයේ අඩුපාඩු සහිතව දුම්රිය දෙපාර්තමේන්තුව බාරගෙන තිබීම ඊට හේතුව බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ‘අරුණ’ ට ඊයේ පැවැසීය.

මෙම මාර්ගයේ නවීකරණය අතුරතුර සංඥා පද්ධතිය ද ගලවා ඉවත් කර ඇති බවත් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග හතරක ගේට්ටු සවිකර ද නැති බවත් හෙතෙම කීවේය.

තලාව, තඹුත්තේගම, ගල්ගමුව සහ අනුරාධපුර දුම්රිය ස්ථාන ආසන්නයේ ඇති හරස් මාර්ග අතින් ක්‍රියාකරවිය හැකි ගේට්ටු ලෙස සකස් කරන බවට බලධාරීන් පොරොන්දු වුවත් මෙතෙක් ආරක්ෂිත ගේට්ටු හෝ යොදා නොමැති බවද හෙතෙම කීවේය.

නිසි ප්‍රමිතියකින් තොරව සිදුකරන ලද නවීකරණ කටයුතු හේතුවෙන් අනාරක්ෂිත තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඊට පිළියම් ලෙස මහව සිට අනුරාධපුර කොටසේ පැයට කිලෝමීටර් 40 ක වේගයකින් ධාවනය කරන ලෙසට දුම්රිය රියැදුරන්ට උපදෙස් දී ඇති බවත් සුමේධ සෝමරත්න කීවේය.

මෙම අඩුපාඩු විසඳා දෙන තෙක් මහව සිට අනුරාධපුර දක්වා කොටසේ දුම්රිය ස්ථානවල වගකීම් බාර නොගන්නා බවත් ඒ අනුව ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම්, පාර්සල් හා භාණ්ඩ බාර ගැනීම් හෝ දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් රැස්කරදීම් සිදුනොකරන බවද හෙතෙම කියා සිටියේය.

මේ අතර සෙසු දුම්රිය කාර්ය මණ්ඩලය ද මෙම මාර්ගයේ රාජකාරීවලින් ඉවත් කරගන්නා බව දුම්රිය ස්වශක්ති සංගමයේ ලේකම් එම්.ජේ රොබට්ස් පැවැසීය.

තම සංගමයත්, දුම්රිය ස්ථානාධිපති සංගමයත් මගහැර මෙම මාර්ග කොටසේ පෙරහුරු ගමන්වාරයක් ගොස් ඇති බවත් තම සංගම් දැඩිව විරෝධය පළකිරීම ඊට හේතු වී ඇති බවත් සඳහන් කරන එම සංගමයේ ලේකම්වරයා කියා සිටියේ අනාරක්ෂිත අන්දමින් මෙම මාර්ගය ධාවනයට විවෘත කිරීමෙන් සිදුවන අනතුරුවල වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව භාරගත යුතු බවය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories