2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:37
නවතම පුවත්

කමිඳු එක් දිනකට ලොව අංක 5 වෙයි

කමිඳු එක් දිනකට ලොව අංක 5 වෙයි
නිමා වූ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන ලෝක ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් 6වැනි ස්ථානය හිමිකර ගැනීමට කමිදු මෙන්ඩිස් සමත් විය. ඊයේ (11) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් තුළ ප්‍රසාද ලකුණු 769ක් හිමි කරගනිමින් කමිඳු 6වැනි ස්ථානය තහවුරු කරගැනීමට සමත් වූ අතර පසුගිය 9 වැනිදා වන විට ඔහුගේ ප්‍රසාද ලකුණු අනුව ශ්‍රේණිගත කිරීම් ස්ථානය 5 ලෙස සටහන් වී තිබිණි. කෙසේවෙතත් නිමා වූ ඉන්දු – ඔස්ට්‍රේලියා දෙවන තරගයේදී ට්‍රැවිස් හෙඩ් දැක් වූ විශිෂ්ට පිතිකරණයත් සමගින් ඔහු ශ්‍රේණිගත කිරීම් තුළ 5වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීම හේතුවෙන් පස්වැනි ස්ථානය එක් දවසකට රඳවාගත් කමිඳුට හයවන ස්ථානය දක්වා පසු බැසීමට විය.

නිමා වූ දකුණු අප්‍රිකා තරගාවලියේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 106ක් රැස් කිරීමට සමත් වූ අතර එහිදී ඔහු 2024 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවටද පත් විය. 2024 වසරේ හොදම ටෙස්ට් පිතිකරණ සාමාන්‍යටද හිමිකම් කියන කමිඳු මේ වනවිට ටෙස්ට් ඉනිම 16කට ක්‍රීඩා කොට ලකුණු සාමාන්‍ය 74.92ක් ලෙස රඳවා සිටීමද විශේෂත්වයකි.

එමෙන්ම මෙම තරගාවලියේදී ලකුණු අතරට පිවිසි දිනේෂ් චන්දිමාල් ශ්‍රේණිගත කිරීම් තුළ 15 වැනි ස්ථානය දක්වාත් ඇන්ජෙලෝ මැතිව්ස් 22වැනි ස්ථානය දක්වාත් උසස්වීම් ලබාගත්හ. මේ අතර නිමා වූ තරගාවලියේදී පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වූ ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් තුළ 8 වන ස්ථානයේ තවදුරටත් රැඳී සිටීයි. එමෙන්ම මෙම තරගාවලියේදී දක්ෂතා අතරට පිවිසි ලහිරු කුමාර ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින් 32වන ස්ථානයටත්, 29වැනි ස්ථානයේ රැඳී සිටි විශ්ව ප්‍රනාන්දු 28වැනි ස්ථානය දක්වාත් උසස්වීම් ලබාගැනීමට සමත් වූහ.කමිඳු එක් දිනකට ලොව අංක 5 වෙයි

කමිඳු එක් දිනකට ලොව අංක 5 වෙයි
නිමා වූ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන ලෝක ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් 6වැනි ස්ථානය හිමිකර ගැනීමට කමිදු මෙන්ඩිස් සමත් විය. ඊයේ (11) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් තුළ ප්‍රසාද ලකුණු 769ක් හිමි කරගනිමින් කමිඳු 6වැනි ස්ථානය තහවුරු කරගැනීමට සමත් වූ අතර පසුගිය 9 වැනිදා වන විට ඔහුගේ ප්‍රසාද ලකුණු අනුව ශ්‍රේණිගත කිරීම් ස්ථානය 5 ලෙස සටහන් වී තිබිණි. කෙසේවෙතත් නිමා වූ ඉන්දු – ඔස්ට්‍රේලියා දෙවන තරගයේදී ට්‍රැවිස් හෙඩ් දැක් වූ විශිෂ්ට පිතිකරණයත් සමගින් ඔහු ශ්‍රේණිගත කිරීම් තුළ 5වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීම හේතුවෙන් පස්වැනි ස්ථානය එක් දවසකට රඳවාගත් කමිඳුට හයවන ස්ථානය දක්වා පසු බැසීමට විය.

නිමා වූ දකුණු අප්‍රිකා තරගාවලියේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 106ක් රැස් කිරීමට සමත් වූ අතර එහිදී ඔහු 2024 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවටද පත් විය. 2024 වසරේ හොදම ටෙස්ට් පිතිකරණ සාමාන්‍යටද හිමිකම් කියන කමිඳු මේ වනවිට ටෙස්ට් ඉනිම 16කට ක්‍රීඩා කොට ලකුණු සාමාන්‍ය 74.92ක් ලෙස රඳවා සිටීමද විශේෂත්වයකි.

එමෙන්ම මෙම තරගාවලියේදී ලකුණු අතරට පිවිසි දිනේෂ් චන්දිමාල් ශ්‍රේණිගත කිරීම් තුළ 15 වැනි ස්ථානය දක්වාත් ඇන්ජෙලෝ මැතිව්ස් 22වැනි ස්ථානය දක්වාත් උසස්වීම් ලබාගත්හ. මේ අතර නිමා වූ තරගාවලියේදී පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වූ ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් තුළ 8 වන ස්ථානයේ තවදුරටත් රැඳී සිටීයි. එමෙන්ම මෙම තරගාවලියේදී දක්ෂතා අතරට පිවිසි ලහිරු කුමාර ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින් 32වන ස්ථානයටත්, 29වැනි ස්ථානයේ රැඳී සිටි විශ්ව ප්‍රනාන්දු 28වැනි ස්ථානය දක්වාත් උසස්වීම් ලබාගැනීමට සමත් වූහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories