2026 ජූලි 28 අඟහරුවාදා, 21:06
නවතම පුවත්

විපක්ෂ නායකගෙන් නව වසරට අධිෂ්ඨානශීලී පණිවිඩයක්

උදා වූ 2026 නව වසර වෙනුවෙන් සුබපැතුම් එක්කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, පවතින අන්ධකාරය පළවා හැර සැබෑ ජයග්‍රහණයේ රිදී රේඛාවන් සොයා යාමට සමස්ත ජාතියම තිර අදිටනින් යුතුව අත්වැල් බැඳගත යුතු බවයි. රටක් ලෙස අප ඉදිරියේ ඇති දුෂ්කරතා මඟහැර යශෝරාවය නැගෙන ජයග්‍රහණයක් කරා යන ගමන ගිරි දුර්ගයක් තරණය කිරීමක් බඳු අභියෝගාත්මක කාර්යයක් බව ඔහු පෙන්වා දෙයි.

සිය සුබපැතුම් පණිවිඩය මඟින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ, හුදු පුද්ගලික අභිලාෂයන්ගෙන් ඔබ්බට ගොස් සාමූහික ප්‍රයත්නයක් ලෙස මව්බිම ලෝකය ඉදිරියේ ඉහළින්ම ඔසවා තැබිය යුතු බවයි. ජාතියේ අනාගතය සුබවාදී කිරීමට නම් එම සාමූහික කැපවීම සහ නොසැලෙන වීර්යය අත්‍යවශ්‍ය වන බව ඔහු සඳහන් කරයි.

එළඹෙන වසර සියලු දෙනාට නව බලාපොරොත්තු මල්පල ගැන්වෙන සහ අභියෝග ජය ගන්නා සාර්ථක වසරක් වේවායි ප්‍රාර්ථනා කරන සජිත් ප්‍රේමදාස මහතා, ජනතාව මුහුණ දෙන ගැටලු වෙනුවෙන් පෙනී සිටිමින් රටේ අභිවෘද්ධිය උදෙසා සිය වගකීම අඛණ්ඩව ඉටු කරන බව ද සිය පණිවිඩය මඟින් සහතික කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories