2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 08:44
නවතම පුවත්

තටු කැපුවාට අපි තරහා නෑ .චන්ද්‍රිකා – මෛත්‍රී

හිටපු ජනාධිපතිවරුන් ලෙස තමන්ට ලබාදී ඇති වරප්‍රසාද අහෝසි කිරීම හෝ කප්පාදු කිරීම සම්බන්ධයෙන් කිසිදු කණගාටුවක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරති.ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති නිල නිවාස, වාහන, දීමනා, ආරක්ෂක විධිවිධාන වැනි වරප්‍රසාද කප්පාදු කිරීම ඇතුළු පොරොන්දු කිහිපයක් ලබාදුනි.මේ සම්බන්ධයෙන් චන්ද්‍රිකා කුමාරතුංග පවසන්නේ සෙසු හිටපු ජනාධිපතිවරුන්ට සාපේක්ෂව තමාට වැඩි වරප්‍රසාද නොලැබෙන බවය.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මට රජයෙන් විශ්‍රාම වැටුපක්වත් දුන්නේ නැහැ. 2015 එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත්වන විට ඔවුන් දැන සිටියා මට විශ්‍රාම වැටුපක් නොදුන් බව. ඒ නිසා මට රුපියල් 94,000 ක මාසික විශ්‍රාම වැටුපක් ලබාදුන්නා. මම එය එය පුණ්‍ය කටයුතු සඳහා භාවිතා කරනවා.”

යැයි ඇය පවසයි.තමාට රජයෙන් නිල නිවසක් සහ වාහන හතරක් ද ලබා දී ඇති බව සඳහන් කළ ඇය පවසන්නේ, තම පෞද්ගලික මුදලින් මිලියන ගණනක් එම නිල නිවස අලුත්වැඩියා කිරීමට වියදම් කළ බවය.

“මගේ කාර්ය මණ්ඩලයේ වැටුප්, ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවන්නේ මමයි. මගේ ඉඩම් විකුණා උපයාගත් මිලියන ගණන් වියදම් කර නිල නිවස අලුත්වැඩියා කර තිබෙනවා. ඊට අමතරව මට වාහන හතරක් දී තිබෙනවා. ඉන් දෙකක් මගේ ප්‍රයෝජනයටත් දෙකක් ආරක්ෂක නිලධාරින් සඳහාත් භාවිත කරනවා. රජයට අවශ්‍ය නම්, ඔවුන් ඒවා නැවත රැගෙන ගියාට මට කමක් නැහැ.”

යැයි චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රකාශ කරයි. මෛත්‍රිපාල සිරිසේන කියාසිටියේ හිටපු ජනාධිපතිවරයකු ලෙස රජය තමන්ට ලබා දී ඇති කිසිදු වරප්‍රසාදයක් කප්පාදු කිරීම සම්බන්ධයෙන් කණගාටු නොවන බවය.

” ආරක්ෂක නිලධාරීන් මගේ පස්සෙන් එනකොට මම කොහොමත් කැමති නෑ. ඒ අයම තමයි කියන්නේ ආවෙ නැත්තම් එයාලට ප්‍රශ්නයක් කියලා. මට විශ්වාසයි මට එහෙම හානියක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නෑ කියලා. මම කාටවත් වරදක් කරලා නැහැ, ආරක්ෂාව සහ වෙනත් වරප්‍රසාද කප්පාදු කළාට මට කමක් නැහැ.”

යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.හිටපු ජානධිපතිවරුන් සඳහා වන ප්‍රතිලාභ තීරණය වන්නේ 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනතේ විධිවිධාන අනුව ය

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories