2026 ජූලි 29 බදාදා, 03:29
නවතම පුවත්

ඖෂධ 350ක මිල අඩුවෙයි

විවිධ රෝග රැසකට භාවිත කරන ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා “සතිඅග අරුණ” පුවත්පතට පැවැසීය.

ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු රෝග රැසක් සඳහා දෙන ඖෂධ වර්ගවල මිල මෙසේ අඩුකර ඇති අතර, ඇතැම් ඖෂධවල මිල සියයට හැටත් හැත්තෑවක් අතර ප්‍රමාණයකින් අඩුවන බවද ඔහු පෙන්වා දෙයි. මෙසේ මිල අඩුකර ඇති ඖෂධවල නාම ලේඛනය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මේ සති අන්තයේ මාධ්‍යයේ ප්‍රකාශයට පත් කරනු ඇත.

මෙම ඖෂධ තුන්සිය පනහට අමතරව ඉදිරි දෙසතියේදී තවත් ඖෂධ වර්ග දෙසීයකගේ මිල අඩු කිරීමටද ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබේ.

මෙම ඖෂධ වර්ගවලට පනවා ඇති උපරිම සිල්ලර මිල කඩකරන ඖෂධ අලෙවි කරන අයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කරන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා, ඒ ගැන පැමිණිලි ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කරන ලෙසටද ඉල්ලීමක් කළේය.

ඔසුහල් පමණක් නොව පෞද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් හට ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශයට පත්කර ඇති මිලට ඖෂධ දිය යුතු බවත්, එම උපරිම සිල්ලර මිල කඩකරන රෝහල්වලට එරෙහිවද නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories