සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා (29) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබේ.
සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ මහතා පැවසුවේ, අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැලසුම් සියල්ල මේ වන විට අවසන් කර ඇති බවය.
මේ අතර එක් රටක් තුළ උපරිම බලය බෙදීමේ ප්‍රතිපත්තිය සමගි ජනබලවේග රජයක් තුළ ක්‍රියාත්මක කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.