2026 ජූලි 26 ඉරිදා, 13:53
නවතම පුවත්

රාජ්‍ය සේවයට ඩිජිටල් අත්සනක්

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ඩිජිටල් අත්සන හඳුන්වාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මෙම නව තාක්ෂණය හඳුන්වාදීම, රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීමේ වත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (සැප්තැම්බර් 15) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ නිලධාරීන් සඳහා ඩිජිටල් අත්සන හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින්.

ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීම තම අරමුණ බවත්, මෙම නව තාක්ෂණය ග්‍රාම නිලධාරීවරයා දක්වා ගෙන යා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට අනුව, ස්වදේශ කටයුතු අංශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ අත්සන් ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය මෙහිදී ආරම්භ විය.

මෙහිදී ඩිජිටල් අත්සන් සහතික කිරීමේ අධිකාරිය ලෙස LankaPay ආයතනය කටයුතු කරනවා. මෙම පියවර හරහා ලිපි මඟින් කටයුතු කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකිවන අතර, වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සලසා ගත හැකි බවද සඳහන්.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories