ගාල්ල, උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි හා ඇස්කිසි ක්‍රියාකරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල මහාධිකරණයේ රාජකාරි කරන අතර, ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ පාර්ශ්වකාරියකට සිතාසියක් නීත්‍යානුකූල නොවන ලෙස භාර දී, එම සිතාසියේ සඳහන් නඩු දිනය කල් දමා දෙන බවට පොරොන්දු වී ඇත.
එම කාර්යය සඳහා සැකකරු අදාළ කාන්තාවගෙන් රුපියල් 3,500ක අල්ලසක් ඉල්ලා ඇති අතර, එම අල්ලස් මුදල් ලබා ගැනීමේදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.