2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:37
නවතම පුවත්

පාතාලයේ ‘කළු මල්ලි’ රූපවාහිනී නාලිකාවක වැඩ – අපේ වැඩවලට එවන්න එපා – පොලිසිය කියයි

ප්‍රාදේශීය ජනමාධ්‍යවේදියෙක් ලෙස මේ වනවිට මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක සේවයේ නිරත පාතාලයට සම්බන්ධ සැකකරුවෙක් පොලිසියේ මාධ්‍ය සාකච්ඡා සහ මෙහෙයුම් ආවරණ කටයුතු සඳහා සම්බන්ධ නොකරන ලෙස පොලිසිය විසින් අදාළ මාධ්‍ය ආයතනයට දැනුම් දී ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කරයි.

දකුණේ ප්‍රබල අපරාධ කල්ලියකට සම්බන්ධව කටයුතු කර ඇති මෙම පුද්ගලයාට එරෙහිව විවිධ අපරාධ චෝදනා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම පුද්ගලයා පොලිසිය විසින් පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡා මෙන්ම පොලිස් මෙහෙයුම් ආවරණය කිරීමට අදාළ මාධ්‍ය ආයතනය නියෝජනය කර වැඩි වශයෙන් පැමිණෙන බවත් එම පොලිස් නිලධාරියා කීය.

රත්නපුර, මිනුවන්ගොඩ, බලංගොඩ, කොළඹ ආදී ප්‍රදේශ ආශිතව සිදුවූ වෙඩි තැබීමක්, මංකොල්ලකෑමක්, ගිනි අවි සහ බෝම්බ ළඟ තබාගැනීම්, කපා කොටා ඝාතනය කිරීමට තැත් කිරීමක්, මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් විටෙන් විට පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් සිර දඬුවම්ද ලබා සිටින මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය මේ වන විටත් විශේෂ අවධානයකින් සිටින බව ද එම නිලධාරියා කීය.

යුද හමුදාවේ කලක් සේවයේ නිරතව සිට ඇති ඔහු කළු මල්ලි, ආමි රොෂාන්, එස්.එෆ්. කළු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නෙක් බවත් ඔහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් (IRC) බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.(දිනමිණ)

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories