2026 ජූලි 29 බදාදා, 05:15
නවතම පුවත්

කැලෑ ගිනි පාලනය සඳහා පියවර රැසක්

සෑම වසරකම වියළි කාලයේ වනාන්තර ආශ්‍රිතව පවතින තෘණභූමි, වන වගා සහ වෙනත් වනාන්තරවල ගිනි ඇති වීමේ ප්‍රවනතාවක් පවතින බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ අනුව පසුගිය 2024 වසරේ හෙක්ටයාර 437.9ක් මේ ආකාරයට ගිනි ගැනීමට ලක්ව ඇති බවය.

මෙම කැලෑ ගිනි පාලනය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ අනෙකුත් ආයතන එක්ව කටයුතු කරන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම අවශ්‍ය අවස්ථාවලදී ගිනි නිවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේද සහය ලබා ගන්නා බවත් පැවසූ එම දෙපාර්තමේන්තුව පවසන්නේ වියලි කාලගුණයත් සමගම ගිනි ගැනීමේ සුලු ප්‍රමාණයක් ඇති වූ අතර එම ගිනි ගැනීම්ද පාලනය කිරීමට හැකි වූ බවය.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ බදුල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, රත්නපුර, මොනරාගල සහ කෑගල්ල වැනි දිස්ත්‍රික්ක බහුලව ගිනි ගැනීම් ඇති වන බවය.

ඒ අනුව පසුගිය වසරේ මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ගිනි ගැනීම් 04ක් ද මාතලේ දිස්ත්‍රික්කයේ එක් ගිනි ගැනීමක්ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක් ගිනි ගැනීමක්ද, රත්නපුර දිස්ත්‍රික්කයේ ගිනි ගැනීම් දෙක්ද බදුල්ල දිස්ත්‍රික්කයේ එක් ගිනි ගැනීමක්ද වාර්තා වී ඇත.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ගලහ ප්‍රදේශයේ පයිනස් වගාවක අක්කර 20ක් පමණ ඊයේ (10) රාත්‍රීෙය් ගිනි ගැනීමට ලක්වූ බවත් එය අද උදෑසන වන විට මැඩ පැවැත්වීමට හැකි වූ බවද එම දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

එමෙන්ම වටවල සහ බදුල්ල යන ප්‍රදේශවල ඇති වූ ගිනි ගැනීම්ද නිවා දැමීමට හැකි වූ බවත් පැවසූ එම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ ඇතිවන ගිනි ඉක්මනින් මර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු අදාළ අංශ සමග එක්ව ගනු ලබන බවයි.

ඒ අනුව රට පුරා ලැව් ගිනි තත්ත්වයක් ඇති වී නොමැති බවත් එසේ ඇති වූ බවට පලවන වාර්තා අසත්‍ය බවත් පැවසූ එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අදාල ගිනි ගැනීම් සියල්ල මිනිසුන් විසින් වනාන්තර ආශ්‍රිතව ගිනි තැබීම් හේතුවෙන් ඇති වූ ක්‍රියාවන් හේතූ වූ බවය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories