2026 ජූලි 31 සිකුරාදා, 08:44
නවතම පුවත්

රෝහල්වල ශල්‍යකර්ම පොරොත්තු ලේඛන ගැන හොයන්න කමිටුවක්

රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනවල සිටින පිරිස අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබේ.

එම කමිටුව මඟින් මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ලබා දිය යුතු වේ. එම වාර්තාවට අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ජනාධිපති ලේකම්වරයා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති අතර හෘද, අක්ෂි, ළමා රෝග ඇතුළු විවිධ රෝගීන් විශාල පිරිසක් රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා පොරොත්තු ලේඛනවල සිටින අතර ඔවුන් මුහුණදී සිටින අපහසුතා මඟහරවා ගැනීමට ජනාධිපති අරමුදල සහ අනිකුත් අංශ මඟින් ලබාදිය හැකි සහන පිළිබඳව ද එහිදී අවධානය යොමු වී ඇති බව සඳහන්ය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මීට අමතරව රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසුවද ශල්‍යකර්ම සිදුකිරීම සම්බන්ධව සාකච්ඡා වී බවයි.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මුදිත හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළු මෙරට ප්‍රධාන රෝහල්වල අධ්‍යක්ෂවරු, විශේෂඥ වෛද්‍යවරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබුණි. මේ අතර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසන්නේ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන කෙටිකාලීන ව්‍යාපෘතියක් නොව එය දීර්ඝ කාලීනව සමස්ථ ජන සමාජයම ඒකරාශිකරගත් ව්‍යාපෘතියක් බවයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලීසියේ තෝරා ගත් සාමාජිකයින් පිරිසක් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories