2026 ජූලි 29 බදාදා, 15:42
නවතම පුවත්

COPE කමිටු නිලධාරීන් කටුනායක ස්ථානීය පරීක්ෂාවක

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) ඊයේ (9) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථානීය පරීක්ෂාවක නිරත වී තිබේ.

එම ස්ථානීය පරීක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව අද (10) නිකුත්කළ නිවේදනය පහතින් දැක්වේ.

සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනයට අදාළව, පසුගියදා (2025.04.02) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය පසුවිපරමට ලක් කරනු ලැබීය.

ඒ අනුව, ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට කෝප් කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ මුලිකත්වයෙන් ඊයේ (2025.04.09) කෝප් කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ස්ථානීය පරීක්ෂණයක නිරත විය.

මෙහිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව දුරස්ථව පිහිටි ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගය (Remote Apron and Taxiways) ඉදිකිරීමේ කටයුතු මගින් ගුවන් තොටුපොළ සතුව පවතින ගුවන්යානා නැවතුම් සංඛ්‍යාව වැඩි කිරීමට අපේක්ෂා කර තිබුණි.

එහෙත් සැලසුම් හා උපදේශන සේවා ලබාගැනීම සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම විසින් සේවා ලබා ගත් ජපන් හවුල් සමාගමත්, සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමත්, විසින් කිසිඳු තාක්ෂණික හෝ මෙහෙයුම් විග්‍රහයකින් තොරව මෙම කටයුතු සිදුකර තිබෙන බැවින්, අපේක්ෂිත අරමුණු ප්‍රායෝගිව සාක්ෂාත් කරගැනීම අභියෝගයක්ව තිබෙන බවට මෙහිදී නිරීක්ෂණය විය.

මෙම ව්‍යාපෘතිය සැලසුම්කරණ අවධියේදීම දුර්වලතා සහ ප්‍රායෝගික ගැටලු රැසකින් යුක්තවූවද, එය එසේ තිබියදීම මෙහි වැඩකටයුතු අවසන් කිරීමට කටයුතු යොදා තිබු බවට කාරක සභාවට නිරීක්ෂණය විය. මතුව තිබෙන තත්ත්වය තුළ, මෙම ව්‍යාපෘතිය ඔස්සෙ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම මේ වන විටත් යෝජනා කොට ඇති විසදුම් නිරීක්ෂණය කිරීමද මෙහිදී සිදු විය.

මෙහිදි කෝප් කාරක සභා සාමජිකයන් උක්ත ජපන් හවුල් සමාගමේ මෙරට නියෝජිතයන් සහ අදාළ ආයතනයන්හි ඉහළ නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීමක නිරත විය.

මෙම නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ කාරක සභා සමාජිකයින්, ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරිමේදී දැනට මතුව ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු නොකිරීමෙන් මහජන මුදල් තවදුරටත් අවභාවිතා විය හැකි බවත් එබැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටත් නිලධාරීන්ට නිර්දේශ කරණු ලැබීය.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම නුදුරු දිනක නැවතත් කෝප් කාරක සභාවට කැදවීමට තීරණය කරන ලදි.

මෙම ස්ථානීය පරීක්ෂාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම්, සමන්මලී ගුණසිංහ, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, රුවන් මාපලගම, සුනිල් රාජපක්ෂ, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු, අදාළ ආයතන නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් සහභාගී වූහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories