2026 මැයි 22 සිකුරාදා, 00:31
නවතම පුවත්

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරිම අනිවාර්ය කෙරේ

සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ඇතුළුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම රජය විසින් අනිවාර්ය කර තිබේ.

1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණ) පනත යටතේ මෙලෙස ලියාපදිංචිය අනිවාර්ය කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන හෝ ක්‍රියාත්මක වීමට අදහස් කරන සියලුම විදේශීය රාජ්‍ය නොවන සංවිධාන (INGO) ලියාපදිංචි විය යුත්තේ රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ පමණි.

2007 අංක 07 දරන සමාගම් පනත යටතේ දැනටමත් ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන ද ජාතික ලේකම් කාර්යාලයේ නැවත ලියාපදිංචි විය යුතු බව මහලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

නිසි ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වන සියලුම රාජ්‍ය නොවන සංවිධාන ද මෙම කාර්යාලයේ ලියාපදිංචි විය යුතුය.

ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණ) පනත යටතේ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම එවැනි සියලුම ආයතනවලට අනිවාර්ය බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මූල්‍ය සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ අවබෝධතා ගිවිසුමකට ද එම ලේකම් කාර්යාලය පසුගියදා එළඹිණි.

ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටියට අනුව, විදේශීය සහ දේශීය සංවිධාන විසින් අදාළ ලේඛන ලේකම් කාර්යාලයට භාර දිය යුතුය.

ඒවා නිෂ්කාශන කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට, විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ අදාළ රේඛීය අමාත්‍යාංශ වෙත යවනු ලැබේ.

නිෂ්කාශන වාර්තා ලැබෙන තුරු එම ආයතනයට මාස හයක් සඳහා තාවකාලික සහතිකයක් නිකුත් කරන බව එම නිවේදනයේ දැක්වේ.

අමාත්‍යාංශවලින් නිෂ්කාශන වාර්තා ලැබුණු පසු අධ්‍යක්ෂ ජනරාල්වරයා එම වාර්තා පරීක්ෂා කර ගැටලුවක් නොමැති නම් ලියාපදිංචි සහතිකය නිකුත් කරනු ඇත.

නිෂ්කාශන වාර්තාවල ගැටලුවක් තිබේ නම්, ලියාපදිංචි ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබේ.

නවතම පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

උණුසුම් පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories