ස්පාඤ්ඤයේ පල්මා ඩි මයෝර්කා ගුවන් තොටුපළේ නවතා තිබූ ගුවන් යානයක හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා. අද (ජූලි 5) අලුයම 12:30ට පමණ සිදුවූ මේ සිද්ධියෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම ගුවන් යානය ස්පාඤ්ඤයේ සිට මැන්චෙස්ටර් ගුවන්තොටුපළ දක්වා පියාසර කිරීමට නියමිතව තිබී ඇත.තුවාල ලැබූ 18 දෙනාගෙන් 6 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. ගුවන් තොටුපළ ගිනි නිවන භටයින්ගේ සහ සිවිල් නිලධාරීන්ගේ කඩිනම් මැදිහත්වීමෙන් ගුවන් යානයේ ගින්න පාලනය කිරීමට හැකි වී තිබේ.