2026 ජූලි 29 බදාදා, 08:31
නවතම පුවත්

නාමල්ගේ විවාහ උත්සවයේ විදුලි ගාස්තුව සම්බන්ධ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා භාවිතා කළ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන දෙකට අධික ගාස්තුව නියමිත වේලාවට නොගෙවීම නිසා මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර දී ඇත.

අදාළ පෙත්සම අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අචල වෙංගප්පුලි යන මඩුල්ල හමුවේ කැඳ වූ අවස්ථාවේදී, නාමල් රාජපක්ෂගේ විවාහය සඳහා සපයනු ලැබූ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු මුදල නියමිත වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙ වූ බව පෙත්සම්කාර පාර්ශ්වය නීතිඥ තිෂ්‍ය වේරගොඩ මගින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලදී.

නීතිඥවරයා වැඩිදුරටත් සදහන් කළේ, අදාළ ගාස්තුව මේ වනවිට ගෙවා අවසන් කර ඇති බැවින්, මෙම ක්‍රියාව තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පිළිබඳව අධිකරණයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම පමණක් තමන් අපේක්ෂා කරන බවයි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද, විදුලි ගාස්තුව මේ වනවිට ගෙවා අවසන් කර ඇති බව අධිකරණය හමුවේ තහවුරු කළහ.

එමගින් දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය.

නීතිඥ විජිත කුමාර විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරුගේ මතය අනුව, සාමාන්‍ය ජනතාවගේ විදුලි බිල් කුඩා මුදල් පවා නියමිත වේලාවට ගෙවී නොතිබූ විට විදුලිය විසන්ධි කරන විදුලිබල මණ්ඩලය, මෙතරම් විශාල මුදලක් නියමිත වේලාවට අයකර ගැනීමට කටයුතු නොකිරීම මහජන අයිතිවාසිකම් උල්ලංඝනය වන තත්ත්වයක් බවට අධිකරණ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories