2026 ජූලි 29 බදාදා, 08:48
නවතම පුවත්

අනුරාධපුරේ සිව් නිවුන් දරු උපතක්

දුර්ලභ සිව් නිවුන් දරු උපතක් අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා විය.

මෙම වාසනාවන්ත සිව් නිවුන් දරු උපතට හිමිකම් ලැබුවේ 28 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවකි.

ඇය පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මෙම සිව් නිවුන් දරුවන් බිහිකරන්නේ වසර ගණනක් දරුපල ප්‍රමාදව සිටින අතරතුරයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය මව් කුසතුළ සිටින්නේ සිව් නිවුන් දරුවන් බවට හඳුනාගත් මොහොතේ පටන් නිරෝගී දරු උපතක් වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරා තිබේ.

සිසේරියන් සැත්කමක් මගින් මෙලොව එළිය දුටු මේ දරුවන් මේ වනවිට නොමේරූ ළදරු ඒකකය තුළ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් පවසයි.

එමෙන්ම මවගේ සෞඛ්‍ය තත්ත්වයද ඉතා යහපත් බවද වෛද්‍යවරු පැවසීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිව් නිවුන් දරු උපතක් වාර්තා වු ප්‍රථම අවස්ථාව හේතුවෙන් එය රෝහලට ඉතා වැදගත් සිදුවීමක්ද වී තිබේ.

මේ සම්බන්ධව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය දිනේෂ් බියගම මහතා අදහස් දක්වමින්

“මේක ඉතාම විරල අවස්ථාවක්. හේතුව තමයි සිව් දරු උපත් සිදුවන්නේ බොහෝ වෙලාවට මද සරු බවට ප්‍රතිකාර ගන්නකොට. නමුත් කිසිම ප්‍රතිකාරයක් නොමැතිව බබාලා හතරක් එකපාර පිළිසිඳ ගැනීම බොහෝම කලාතුරකින් සිදුවන්න පුළුවන් දෙයක්. අපිට පුළුවන් වුණා මවගේ පූර්ව ප්‍රසව කාලය සති 31 දක්වා ගෙනයන්න. ඒ නිසා අපිට සාමාන්‍යෙයන් කිලෝග්‍රෑම් 1.4-1.5ත් අතර බබාලා හතරම නිරෝගීව සිසේරියන් සැත්කමකින් බිහිකරගන්න පුළුවන් වුණා.”

අනුරාධපුර ශික්ෂණ රෝහල යනු අනුරාධපුර ඇති ප්‍රධානම රෝහලයි. මෙම රෝහල තුළ මසකට දරු උපත් 600කට අධික සංඛ්‍යාවක් සිදුවේ.

ඒ අතරින් 75ක් පමණ නොමේරූ ළදරු ඒකකවලට යොමු කිරීම අනිවාර්ය වුවත් රෝහල තුළ නොමේරූ ළදරු ඒකකයට අවශ්‍ය දරුවන්ගේ උෂ්ණත්වය රඳවාගැනීමේ යන්ත්‍ර හෙවත් ඉන්කියුබේටර් යන්ත්‍ර අවම වීම මේ වනවිට විශාල ගැටලුවක් බවට පත්ව තිබේ.

වෛද්‍යවරු පැවසුවේ රෝහල තුළ මේවනවිට ඉන්කියුබේටර් යන්ත්‍ර 6ක් පමණ පවතින නමුත් එම යන්ත්‍ර ද නිසි ක්‍රියාකාරීත්වයෙන් තොර බවයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්.ආර්.එස්.යූ.සී.රණවක මහතා පැවසුවේ මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් නුදුරු අනාගතයේදී මෙම ඒකයෙන් ලබා දෙන ප්‍රතිකාර අඩාල විය හැකි බවය.

“අඩු මාසයෙන් අඩු බරින් ඉපදුනාම විවිධ සංකූලතා එන්න පුළුවන්. පෙනහැලි ආබාධ, මොලයට ලේ ගැලීම්, බඩවැල් නරක්වීම්, සහ විෂබීජ යෑමේ ප්‍රවනතාව. ඒවා සුපරීක්ෂාකාරීව පරීක්ෂා කරමින් එම දරුවන්ට ප්‍රතිකාර කළ යුතුයි. මේ දවස්වල පවතින විශාලම ගැටලුව වන්නේ එම ඉන්කියුබේටර් යන්ත්‍ර අඩුම වශයෙන් 12ක් මෙම ඒකකයේ තිබිය යුතුයි. දැනට තියෙන්නේ එම ඉන්කියුබේටර් යන්ත්‍ර 6ක් පමණයි. මෙම 6ත් උපරිම ආකාරයෙන් ක්‍රියාකරන්නේ නෑ. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනොත් මෙම ඒකකය මගින් ලබා දෙන ප්‍රතිකාර අනාගතයේදී අඩාල වෙන්න පුළුවන්.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories