2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:47
නවතම පුවත්

රනිල් ගැන බෙල්ලන කියයි

බන්ධනාගාරගතවී සිටින රනිල් වික්‍රමසිංහ මේ වන විට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන පවසයි.

හිටපු ජනාධිපතිවරයාට විජලන තත්ත්වයක් ඇතිව ඇති බවත් රුධිරයේ යම් වෙනස්වීම් සහ වෙනත් සළකුණුද මේ වන විට නිරීක්ෂණය වී ඇත.

එසේම ඔහු පවසන්නේ පසුගියදා අධිකරණ ශාලාවේ පැය කිහිපයක් රැඳී සිටීමේදි ඇතිවූ විදුලි විසන්දිවීම්, ජලය පානය නොකිරීම් හේතුවෙන් ඇතිවූ සංකූලතා මත ඔහු විජලන තත්ත්වයට පත්ව ඇති බවය.

මේ හේතුවෙන් බන්ධනාගාර රෝහලින් පසුව ජාතික රෝහලට මාරුකර එවා ඇති බවත් ඒ අනුව දැඩි වෛද්‍ය නිරීක්ෂණය යටතේ හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද වෛද්‍ය බෙල්ලන මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේ තෙදිනක් දැඩි විවේකී තත්ත්වයක තබා විජලනයට ප්‍රතිකාර කළ යුතු බවයි.

එසේ නොකළහොත් හෘදයාබාධ, වකුගඩු ආබාධ සහ වෙනත් සංකූලතා ඇති විය හැකි බවත් ඒ හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම් කිහිපයකගේ විශේෂ අධීක්ෂණය යටතේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මේ වන විට පසුවෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories