2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 13:47
නවතම පුවත්

මගේ පාරමාදර්ශී නායකයා මහින්ද නමුත් රට එක පක්ෂය දෙක නිසා රනිල් දිනවනවා

පොලොන්නරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් සමුළුව අමතමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ

“මම අදටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයක්.. මගේ දේශපාලනයේ පියා ලෙස මම දකින්නේ මගේ පියා.. මම දේශපාලනයට එන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් එක්ක.. මගේ පරමාදර්ශී නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.. අද අපි සියළු දෙනා එක මතයකට ඇවිල්ලා තියෙන්නේ.. පෞද්ගලික කාරණා පැත්තක තියන්න වෙනවා.. රට එක – පක්ෂය දෙක කියන ස්ථාවරයේ මම ඉන්නවා.. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වෙත් ඒක.. පළමුව, දෙවැනුව සහ තෙවනුවත් මව්බිම කිව්වා.. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තුවෙන්.. මම තරම් එතුමාට බැනපු මිනිහෙක් නෑ.. එතුමා වෙනුවෙන් අද අපි කතා කරන්නේ ඇයි? රට ගැන හිතන හින්දයි.. මිනිස්සුන්ගේ මතය අපි තේරුම් ගන්න ඕනේ.. ඒත් ඒ මතය පක්ෂයේ සමහරුන්ට තේරෙන්නේ නෑ.. පක්ෂයේ ලේකම්තුමා මහ පොලොවේ ක්‍රියාත්මක වෙන මතය දැක්කා.. එතුමා ඇවිල්ලා පක්ෂයට කිව්වේ, ඔක්කොම හරි කියලා.. ඒක තමයි මිනිස්සු අද පොහොට්ටුවට පණිවුඩයක් දෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක එකතු වෙලා තියෙන්නේ..”

එම මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා රට භාර නොගත්තේනම් ශ්‍රී ලංකාව අද බංගලාදේශයටත් වඩා නරක තත්වයට පත්වීමට ඉඩ තිබූ බවත් අද බංගලාදේශයට අත්ව ඇති ඉරණම අපේ රටට ඇති කිරීම ඊනියා අරගලයේ අරමුණ වූ බවත් ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති නොවුණහොත් ශ්‍රී ලංකාව බංගලදේශය මෙන් විසාලාවක් වනු ඇති බවත් ජන මතයට කන් නොදී දේශපාලනය කළ නොහැකි බවත්, තමන් තවමත් ඔර්ජිනල් පොහොට්ටුවෙක් බවත් ඔහු ප්‍රකාශ කළා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories