හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියැති නෙවිල් වන්නිආරච්චි, අල්ලස් කොමිසම මගින් අද (02) අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
අද පෙරවරුවේ ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන, පසුව නිලධාරීන් පිරිසක් ඔහුව අධිකරණයට රැගෙන ගියහ.