2026 ජූලි 28 අඟහරුවාදා, 21:01
නවතම පුවත්

සහන කඳවුරුවල සිටින පිරිස යළි පදිංචි කරවීම කඩිනමින්

ආපදා හේතුවෙන් අවතැන් වී සහන කඳවුරුවල දැනට සිටින 7,000කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් මාස 2ක් හෝ 3ක් ඇතුළත නැවත පදිංචි කරවීමට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස 6,138ක් පවතින අතර, ඊට අදාළ පුද්ගලයින් යළි පදිංචි කරවීමට යම් කාලයක් ගතවනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා අද (දෙසැම්බර් 14) මේ බව සඳහන් කර සිටියේය.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දත්ත මත පදනම්ව, අර්ධ හානි සිදු වූ නිවාසවල අවදානමක් නොමැති නම් ඔවුන් යළි තම නිවාසවල පදිංචි කරවීමේ කටයුතු කඩිනම් කරන බවද ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේය.

ප්‍රධාන වශයෙන් ඇති අභියෝගය වන්නේ සම්පූර්ණයෙන් නිවාස හානි සිදු වූ අය පදිංචි කරවීම බවත්, ඒ සඳහා රජය ගෙන යන විශේෂ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරවීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. ඉඩම් ආපදාවට ලක්වූවන් පදිංචි කරවීම සඳහා රජයේ ඉඩම් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

සුරක්ෂිත කඳවුරු ක්‍රියාත්මක වන පාසල් සහ තවදුරටත් අවදානම් සහිත පාසල් හැර අනෙකුත් සියලුම පාසල් දෙසැම්බර් මස 16 වැනිදා ආරම්භ කරන බවද කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සඳහන් කර සිටියේය.

සහනාධාර බෙදාදීමේ දී හෝ අත්‍යවශ්‍ය සේවා නොලැබීම සම්බන්ධයෙන් මහජනතාවට යම් ගැටලුවක් ඇත්නම් ‘1904’ දුරකතන අංකය ඔස්සේ දැනුවත් කිරීම් සිදු කළ හැකි බවද ඔහු පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories