2026 ජූලි 29 බදාදා, 07:51
නවතම පුවත්

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේ පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් විය.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට ය.  

ශ්‍රී ලංකා කණ්ඩායම –
දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස්, ප්‍රබාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක. 

මෙය මිලාන් රත්නායකගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය වෙයි. දකුණතින් මඳ වේග පන්දුයවන ඔහු වාරියපොළ සුමංගල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. 

එංගලන්ත කණ්ඩායම –
ඩෑන් ලෝරන්ස්, බෙන් ඩකට්, ඔලී පෝප් (නායක), ජෝ රූට්‌, හැරී බ්රූක්, ජැමී ස්මිත්, ක්‍රිස් වෝක්ස්, ගස් ඇට්කින්සන්, මැතිව් පොට්ස්, මාර්ක් වුඩ්ස් සහ ෂොයිබ් බෂීර්.

එංගලන්ත නිත්‍ය ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් තුවාල ලැබීම හේතුවෙන් මෙම තරගාවලිය සඳහා නායකයා ලෙස ඔලී පෝප් පත්කර ඇත.

පසුගියදා ජීවිතක්ෂයට පත්වූ සුපිරි එංගලන්ත පිතිකරු ග්‍රැහැම් තොර්ප් ට ගරු කිරීමක් ලෙස කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයෝ කළු පටි පැළඳ මෙම තරගයට එක්ව සිටිති.

දෙරට අතර මෙම තරගාවලිය යටතේ ටෙස්ට් තරග තුනක් පැවැත්වීමට නියමිතය.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ජයගෙන ඇත්තේ 2014වසරේදීය.

එවර ලීඩ්ස් පිටියේ පැවති ටෙස්ට් තරගය ලකුණු 100කින් ජය ගැනීමට මැතිව්ස් ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එසේම තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියද 1ට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories