2026 ජූලි 29 බදාදා, 06:19
නවතම පුවත්

විදේශිකයින්ට ත්‍රීරෝද රථ ලබාදීමේදී හිමිකරුවන්ට නීති මාලාවක්

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් මෙරට දී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

කෙසේ නමුත් ඒ හේතුවෙන් පසුගිය කාලසීමාවේ දී විදෙස් ජාතිකයන් පදවන ත්‍රීරෝද රථ, මාරක හා බරපතළ අනතුරුවලට ලක්ව ඇති බවට පොලීසියට නිරීක්ෂණය වී ඇත.

එහිදී පොලීසියට කරුණු අනාවරණය වී ඇත්තේ, විදේශිකයන්ට ත්‍රීරෝද රථ පැඳවීම සඳහා බලපත්‍ර නොමැති බවයි.

එමෙන්ම ඔවුන්ට ඒ සඳහා නිසි පුහුණුවක් හෝ නොමැති බවය.

මෙම තත්ත්වය වලක්වාගැනීම හා පාලනයකිරීම සඳහා ගනුලබන පියවරක් ලෙස යම් විදේශිකයෙකු ත්‍රිරෝද රථ පදවන අවස්ථාවකදී, ඔහුට වලංගු බලපත්‍රයක් නොමැති නම් එම රථයේ අයිතිකරු කැඳවා ප්‍රකාශ සටහන් කොට ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

එමෙන්ම විදේශිකයන් සඳහා වාහන ලබාදීමේදී විශේෂයෙන් ත්‍රීරෝද රථ ලබාදීමේදී මෙරට වාහන පැදවීම සඳහා නිසි වලංගු රියදුරු බලපත්‍රයක් සන්තකයේ තිබේද යන්න නිවැරදිව පරීක්ෂා කර බලා අදාළ වාහන ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස පොලීසිය සංචාරකයන් සඳහා වාහන ලබාදෙන ආයතන හා හෝටල් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories