2026 ජූලි 31 සිකුරාදා, 09:51
නවතම පුවත්

චීවරයට කළු පැල්ලමක් – අසභ්‍ය දර්ශන මුදාහැරී චීවරධාරියෙකුට සිර දඬුවම්!

අනුරාධපුරයේ චීවරධාරියෙකුට අද (ජූනි 12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී. පෙම්වතියක සමඟ කළ පුද්ගලික වීඩියෝ දර්ශන, ප්‍රේම සබඳතාව බිඳවැටීමෙන් පසු අන්තර්ජාලයට මුදාහැරීමේ චෝදනාවට අදාළවය මෙම තීන්දුව ලබා දෙන ලදි.

මීට අමතරව, රුපියල් 2,500ක දඩ මුදලක්ද, වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දි මුදලක්ද ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. අදාළ දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුනක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම වනු ඇතැයිද අධිකරණය ප්‍රකාශ කළේය.

මෙම දඬුවම නියම කෙරුණේ, අසභ්‍ය වීඩියෝ දර්ශන වට්ස්ඇප් ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීමේ චෝදනාවට වරද පිළිගැනීම හේතුවෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් ගොනු කරන ලද නඩුවක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙම තීන්දුව ලබා දුන්නාය.

රහස් පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සැකකාර හිමිනම සහ පැමිණිලිකාරිය වට්ස්ඇප් ඔස්සේ හඳුනාගෙන පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවය. නඩුව කැඳවූ අවස්ථාවේදී, සැකකාර හිමිනම චෝදනා පිළිගන්නා බව අධිකරණයට දැනුම් දීමෙන් පසු, රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කෙරුණි. ඇප තැබීමට නොහැකිවීම හේතුවෙන් දින තුනක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකාර හිමිනම පසුව ඇපකරුවකු ඉදිරිපත් කර නිදහස ලැබීය.

පසුව මෙම නඩුව අද දිනයේදී යළි කැඳවූ අතර, අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් රහස් පොලීසිය මඟින් චෝදනා තුනක් යටතේ ගොනු කළ නඩුව සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙම සිර දඬුවම නියම කළාය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories