ජාතික ජන බලවේගය මේ රටේ පාලන බලය හිමිකර ගතහොත් එය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් වීමත් අනුර දිසානායක මන්ත්‍රීවරයාට රටේ ආර්ථිකය සංවර්ධනය කරවීමට හැකියාවක් නොමැති නිසාත් ජනතාව ඔවුන්ව බලයට පත් නොකරන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේස්වරන් මන්ත්‍රීවරයා 4 දා යාපනයේදී පැවසීය.
මන්ත්‍රීවරයාගේ යාපනයේ පිහිටි කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
මෙහිදී අදහස් දැක් වූ විග්නේස්වරන් මන්ත්‍රීවරයා
මෙසේද කියා සිටියේය.
” ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදීමට මේ රටේ බහුතරයක් දෙනා කැමති නැහැ. 1988 හා 89 කාලවලදී ඔවුන් විසින් මේ රටට කළ විනාශය දෙස බලන විට
ජනතාව ඉතිහාසය අමතක කිරීමට කොහෙත්ම කැමැති
නෑ.
මේ දවස්වල අනුර කුමාර මන්ත්‍රීවරයාගේ රැස්වීම් වලට සහභාගී වන ජනතාව දෙස බලා බොහෝ දෙනෙකු කියා සිටීන්නේ ඔහු මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වන බවයි නමුත් එවැන්නක් මෙවර සිදු වන්නේ නෑ.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා බලයට පත් වුවහොත් අනෙක් පක්ෂ වල සිට මේ රට පාලනය කරමින් රාජ්‍ය දේපල හා මුදල් කොල්ල කන ලද පිරිස අත්තඩන්ගුවට ගන්නා බව ඔහු ප්‍රකාශ කරනවා.
එය බොහෝ විට සිදු වන්නට පුලුවනි. නමුත් එසේ කිරීමට යාමේදී ජාතික ජන බලවේගයට පැවැත්මක් හෝ අනාගතයක් රදාපවතින්නේ නැහැ. ඊට හේතුව තමයි මේ රටේ දකුණේ දේශපාලනඥයින් සියලු දෙනාම හොරු බව ඉතිහාසය විසින් ඔප්පු කොට තිබෙනවා.
අනුර කුමාර මන්ත්‍රිවරයා හොරුන් අත් අඩංගුවට ගැනීමට ගියවිට ඔහුට ගෝඨාභය රාජපක්ෂ හිටපු
ජනාධිපතිවරයා ඔහුගේ ධූර කාලයේ සිටි කාලය තරම්වත් කාලයක් සිටිය නොහැකි වෙනවා. නමුත් ප්‍රශ්නය
මෙවර ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාව ජනාධිපතිවරයාව කිරීමට කවරෙකුවත් ඡන්දය ලබා නොදීමයි’’