2026 ජූලි 29 බදාදා, 07:57
නවතම පුවත්

කෙහෙළියගේ මිලියන 93ක ගිණුම් අත්හිටුවීම තවත් දික්කරයි

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් මාස තුනකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව මෙම නියෝගය 2025 අප්‍රේල් 2 දක්වා බලපැවැත්වේ.

අත්හිටවූ ස්ථාවර තැන්පතු ගිණුම් සහ රක්ෂණ ඔප්පුවල වටිනාකම රුපියල් මිලියන 93.125ක් ලෙස ගණන් බලා ඇත.

අල්ලස් කොමිසමේ ඉල්ලීමකට අනුව කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව කෙහෙළියගේ බිරිඳ, දියණියන් තිදෙනෙකු සහ බෑණාගේ ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් තවත් මාස තුනක කාලයකට අත්හිටුවා තිබේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති රඹුක්වැල්ල මේ වන විට ඇප මත නිදහස්ව සිටියි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 53(1) වගන්තියට අදාළ 42 වැනි වගන්තිය යටතේ සිදුකෙරෙන විමර්ශනවල කොටසක් ලෙස, කලත්‍රයා, පවුලේ සාමාජිකයන් හෝ වෙනත් අය සම්බන්ධ විමර්ශනයට යටත්ව අල්ලස් කොමිසම විසින් මෙම අත්හිටුවීමේ නියෝගය ලබාගෙන ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories