2026 ජූලි 31 සිකුරාදා, 10:42
නවතම පුවත්

නිදන් හාරන්න ගිය හොර බ්‍රිගේඩියර් ඇතුලු 11ක් අල්ලයි

පුරාවිද්‍යා කැණීමකට උත්සාහ කළ බවට හෝ සාපරාධී ක්‍රියාවක නිරත වූ බවට සැකපිට වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී හමුදා සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 11 දෙනකු, මෝටර් රථ තුනක් සහ කැබ් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය වාර්තා කරයි.

සැකකරුවන් අතර ව්‍යාජ හැඳුනුම්පතක්, හමුදා නිල ඇඳුම් සහ බ්‍රිගේඩියර්වරයකුගේ ඇඳුමට සමාන ඇඳුම් සන්තකයේ තබාගත් බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු ද සිටින බව පොලිසිය පවසයි.

අනෙක් හමුදා සාමාජිකයන් දෙදෙනා ත්‍රිකුණාමලය හෙන්ද්‍රික් කොටුව කඳවුරේ සේවය කරන්නන් බව පොලිසිය පවසයි.

ඉතිරි සැකකරුවන් 8 දෙනා යක්කල, පාදුක්ක, ගලේවෙල, මිල්ලව සහ තංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වැලිකන්ද පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

වැලිකන්ද පොලිසිය සහ යුද හමුදා පොලිසිය එක්ව පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සිට කඳවුරේ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

බ්‍රිගේඩියර්වරයෙකු ලෙස පෙනීසිටින පුද්ගලයා හමුදාවට සම්බන්ධ අයෙකු නොවන බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories