බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට, ඖෂධ හිඟය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත විනය පරීක්ෂණයක් සඳහා කැඳවා තිබේ.
වෛද්‍ය පාලිත රාජපක්ෂ ගෙන් කළ විමසීමකදී සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැඳවීමකට අනුව ඒ මහතා මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බවය.
එසේම, පසුගිය දින ඇල්ල–වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බිහිසුණු බස් අනතුර සිදුවූ අවස්ථාවේදී, තම ජීවිතය පවා අවදානමට තබා ගෙන පීඩාවට පත් අය බේරා ගැනීමට ඔහු කැපවී කටයුතු කළේය.