2026 ජූලි 31 සිකුරාදා, 09:10
නවතම පුවත්

මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩාවට පහර දෙයි

මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩාවට කඩා වැදී ඇති අතර, එහි ටොනේඩෝ, ගංවතුර සහ කුණාටු ඇතිවීමේ අවදානම වැඩි කර තිබෙනවා.

මේ නිසා මිලියන දෙකකට වැඩි නිවාස සහ ව්‍යාපාරවලට විදුලිය නොමැති අතර අත්ලාන්තික් වෙරළ තීරයේ මරණ ගණනාවක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මිල්ටන් පස්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස මුළදී සඳහන් වූවත් මේ වන විට එය පළමු කාණ්ඩයට පහත හෙළා තිබෙනවා.

නමුත් තවමත් ෆ්ලොරීඩාව පුරා විශාල විනාශයක් සිදු කරමින් ඉදිරියට ඇදෙන බවයි කාලගුණ බලධාරීන් පවසන්නේ.

මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩා, ජෝර්ජියා, දකුණු කැරොලිනා, ටෙනසි, වර්ජිනියා සහ උතුරු කැරොලිනා යන ප්‍රදේශවල ඇති කර තිබෙනවා.

මේවන විට ෆ්ලොරිඩා නගරයේ සහ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ ජනතාවට පානීය ජලය නොමැති තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඒ සුළි කුණාටුව හේතුවෙන් පද්ධතිය වසා දැමීමට බලධාරීන්ට බල කිරීමත් සමඟයි.

අවශ්‍ය අලුත්වැඩියාවන් අවසන් වන තුරු මෙම පානීය ජල ගැටළුව පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර එතෙක් බීමට, ඉවුම් පිහුම් සහ දත් මැදීම සඳහා භාවිතා කරන ඕනෑම ජලයක් තම්බා ගන්නා ලෙස සියලුම නිවැසියන්ට උපදෙස් දී තිබෙනවා..

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories