2026 ජූලි 29 බදාදා, 02:22
නවතම පුවත්

කීර්ති තෙන්නකෝන් ස්වාධීන රූපවාහිනියෙන් වන්දි ඉල්ලයි

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ස්වාධීන රූපවාහිනී සේවය (ITN) වෙත එන්තරවාසියක් යවමින්, තම කීර්ති නාමයට හානි කිරීම සම්බන්ධයෙන් දින 14ක් ඇතුළත රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ඇත.

මෙම වන්දි ඉල්ලීම සිදුකර ඇත්තේ ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති වැඩසටහනකින් සහ උදෑසන පුවත්පත් වැඩසටහනකින් තමන්ට අපහාසයක් සිදු වී ඇති බව පවසමිනි.

වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් පවත්වනු ලැබූ පුවත්පත් සාකච්ඡාවක ඇතුළත් අපහාසත්මක කරුණු 2025 ජනවාරි 9 වන දින පුවත් විකාශන මගින් ද, 2025 ජනවාරි 10 වන දින උදෑසන ‘පත්තරෙන් එහා’ වැඩසටහන සහ එහි නිවේදකයාගේ ප්‍රකාශ මගින් ද සිය කීර්ති නාමයට හානියක් සිදු වූ බව එන්තරවාසිය මගින් සඳහන් කර තිබේ.

එම එන්තරවාසියට අනුව, සමන්ත විද්‍යාරත්න සහ ස්වාධීන රූපවාහිනී වැඩසටහනේ අන්තර්ගත වචන, ප්‍රකාශණ සහ පාඨ අසත්‍ය වන අතර, ඒවා සෘජුවම (per se Defamatory) සහ වක්‍රෝක්තියෙන් ද (By Innuendo) පැමිණිලිකරුට අපහාසාත්මක වන බවත්, විත්තිකරු විසින් එම ප්‍රකාශ ප්‍රචාරය කර ඇති බවත් දැක්වේ.

එමෙන්ම, එම කරුණු ස්වාධීන රූපවාහිනිය විසින් විකාශනය කර, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය මගින් බෙදා හරින ලද්දේ පැමිණිලිකරු කෙරෙහි වන ප්‍රකාශිත ද්වේශයෙන් (Express malice) සහ පීඩන චේතනාවෙන් (Animus Injuriandi) බවත්, එමගින් “පැමිණිලිකරු ශ්‍රී ලංකාවේ මහජනතාව සහ පොදු සමාජය ඉදිරියේ දූෂිතයෙකු, වංචනිකයෙකු සහ අපචාරියෙකු බව හුවා දක්වමින් ශ්‍රී ලාංකික සමාජය තුළ වෛරයට, අප්‍රසාදයට, අවමානයට, පිලිකුළට සහ අපහාසයට ලක් කිරීමේ අදහසින් බවත්” එන්තරවාසිය මගින් කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් චෝදනා කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories