2026 ජූලි 29 බදාදා, 05:58
නවතම පුවත්

නත්තලට පොල් බෙදන්න කාදිනල් හිමි මැදිවෙයි

සතොස අලෙවිසැල්වලින් රුපියල් 130ක් වන සහතික මිලට පාරිභෝගිකයන් සඳහා අඛණ්ඩව පොල් සැපයීමට රජය ගන්නා උත්සාහයට සහාය වීම වෙනුවෙන් කාදිනල් හිමිපාණන් පොල් ලබා දීමට තීරණය කර තිබේ.

කතෝලික සභාව සතු පොල් ඉඩම් ප්‍රමාණය කොපමණ දැයි පැහැදිලි නොමැති වුවද පුත්තලම, මුන්දලම ප්‍රදේශයේ පල්ලියට අයත් අක්කර 700ක පමණ විශාලත්වයකින් යුත් කජු සහ පොල් වත්තකින් එම පළමු පොල් තොගය සතොස අලෙවිසැල් වෙත අද ලබාදීමට නියමිතය.

කතෝලික පල්ලිය සතුව පොල් අක්කර විශාල ප්‍රමාණයක් ඇති අතර ඔවුන්ගේ පොල් සතොස අලෙවිසැල් වෙත ලබාදීමට එකඟ වී ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පොල් ගෙඩි 22,000ක පමණ පළමු ගෙඩි තොගය මුන්දලම වත්තෙන් ලැබෙනු ඇත.

ඔහු සඳහන් කළේ අඛණ්ඩව දෙවැනි සතියටත් කොළඹ පැවති වෙන්දේසිය පොල් සංවර්ධන අධිකාරිය විසින් තාවකාලිකව අවලංගු කර ඇති බවයි.

සාමාන්‍යයෙන් වෙන්දේසියට පැමිණෙන පොල් තොග දැන් සතොස අලෙවිසැල් වෙත යවනු ලබන්නේ මිල පාලනය සහතික කිරීම සඳහාය.

රජයේ වතු සහ ඇතැම් පෞද්ගලික පාර්ශ්වවලින් රජය විසින් පවත්වාගෙන යනු ලබන සුපිරි වෙළෙඳසැල්වලට ද පොල් තොග ලබාදෙන ලෙස බලධාරීන් ඉල්ලා තිබීම ඊට හේතුවයි.

වෙළෙඳපොළේ පවතින හිඟය තුරන් කිරීම අපේක්ෂාව බවත් මේ වනවිට පොල් මිල රුපියල් 110-130 (කුඩා හා විශාල ගෙඩි) අතර පවතින බවත් රණතුංග පවසයි.

අලෙවි නියෝජිතයන් අසාමාන්‍ය ලාභයක් ලබා ගැනීම සඳහා මිල වැඩිකර ඇති බවත් මාෆියාවක් විසින් මෙම කර්මාන්තය පාලනය කරන බවත් ඔහු පෙන්වා දෙයි.

පවතින තත්ත්වය යටතේ දේශීය වෙළෙඳපොළට ප්‍රමාණවත් පොල් ලබාදීමට බලධාරීන් උත්සාහ කරමින් සිටී.

“අපට දේශීය වෙළෙඳපොළ අවශ්‍යතාව සම්පූර්ණ කළ නොහැකි නමුත් පාරිභෝගිකයාට යම් සහනයක් ලබාදීමට අපි උත්සාහ කරනවා,” යනුවෙන් රණතුංග පවසයි.

ශ්‍රී ලංකාවට සම්පූර්ණ පොල් ආනයනය කළ හැකිද යන්න තහවුරු කිරීම සඳහා පොල් පර්යේෂණ ආයතනය (CRI) මේ වන විට පර්යේෂණයක නියැළෙමින් සිටින බවට වන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු පවසන්නේ පොල් ආනයනයට සීමා පනවන රටවල් කිහිපයෙන් ශ්‍රී ලංකාවද එකක් බවයි.

ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය හෝ පිලිපීනය වැනි අනෙකුත් සියලුම රටවල් ලෙල්ල නොමැතිව සම්පූර්ණ පොල් ආනයනය කරන බව ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය සහ නිරෝධායන දෙපාර්තමේන්තුව විවිධ රෝග ව්‍යාප්තියට හේතු විය හැකි බව පවසමින් ලෙලි ඉවත් කරන ලද පොල් මෙරටට ආනයනය කිරීමට විරෝධය පළ කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories