2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 11:06
නවතම පුවත්

ජොහාන් ප්‍රනාන්දු වත්තල අධිකරණයට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයෙකු වන ජොහාන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (31) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. රජයේ දේපළ අවභාවිත කිරීම සහ මූල්‍ය පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත පදනම්ව ඊයේ (30) දින ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම අත්අඩංගුවට ගැනීමට මුල් වී ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනය සතුව තිබූ ලොරි රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීමයි. අදාළ ලොරි රථය හිටපු අමාත්‍යවරයාට අයත් බව කියන එතනෝල් නිෂ්පාදන සමාගමක ප්‍රවාහන කටයුතු සඳහා දීර්ඝ කාලයක් තිස්සේ අවභාවිත කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පොලිස් වාර්තාවලට අනුව, මෙම ක්‍රියාව හරහා රජයට රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මූල්‍යමය පාඩුවක් සිදු කර තිබේ. සතොස ආයතනයේ සම්පත් පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී මෙම වංචාව තහවුරු වී ඇති බව වාර්තා වේ.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ද චෝදනා එල්ල වී ඇති අතර, ඔහුව ද අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරන හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ නීතිමය පියවර ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories