2026 ජූලි 29 බදාදා, 05:03
නවතම පුවත්

ඉන්දීය සාගරයේ ඇමරිකානු මෙහෙයුමක්

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ඉන්දීය සාගර කලාපයේදී චීනයේ සිට ඉරානය බලා ගමන් කරමින් තිබූ රහසිගත යුද උපකරණ රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමරිකානු විශේෂ මෙහෙයුම් බලකාය විසින් වටලා ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කරයි. ඉරානය සිය යුද ශක්තිය යළි ගොඩනැගීම වැළැක්වීමේ අරමුණින් පසුගිය මාසයේදී මෙම සුවිශේෂී නාවික මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

ඇමරිකානු ඉන්දු-පැසිෆික් විධානයට අනුයුක්ත විශේෂ භට පිරිස් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, නෞකාවේ තිබූ යුදමය ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමෙන් පසුව එයට පිටත්ව යාමට අවසර ලබා දී ඇත. ඇමරිකානු බුද්ධි අංශ මාස කිහිපයක සිට මෙම නෞකාවේ ගමන් මග පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිට ඇති බව ද අදාළ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

පෙන්ටගනය විසින් මෙහෙයවනු ලබන මෙම රහසිගත මෙහෙයුම් මාලාවේ මූලික ඉලක්කය වී ඇත්තේ ඉරානයේ මිසයිල පද්ධති යථා තත්ත්වයට පත් කිරීමට දරන උත්සාහයන් අඩපණ කිරීමයි. විශේෂයෙන්ම පසුගිය ජූනි මාසයේදී ඇමරිකාව සහ ඉශ්‍රායලය එක්ව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල කරන ලද ප්‍රහාරවලින් පසු එරට යුද ශක්තිය යළි ගොඩනැගීමට උත්සාහ කරමින් සිටින පසුබිමක මෙම වැටලීම සිදුව ඇත.

මෙම ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් චීනය හෝ ඉරානය මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව විදෙස් වාර්තා පවසයි. ජාත්‍යන්තර දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව ඇති මෙම මෙහෙයුම හරහා කලාපීය බල අරගලයේ නව මුහුණුවරක් නිරූපණය වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මෙම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ නාවික හමුදාවෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ කරුණු තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට පෙර සියලු දත්ත පරීක්ෂා කර බැලිය යුතු බව ශ්‍රී ලංකාව දැනුම් දී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories