2026 අගෝස්තු 01 සෙනසුරාදා, 21:51
නවතම පුවත්

රනිල්ට පිල්ලෙයාන් එක්ක තියෙන ගනුදෙනුව හොයන්න CID විමර්ශනයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධානයන්ට අනුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වන එල්.ටී.ටී.ඊ.යේ හිටපු ප්‍රධානියකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ‘දිනමිණ’ වාර්තා කරයි.

‘දිනමිණ’ වාර්තාවේ මෙසේද සඳහන් කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම ඔහුගේ ආරක්ෂක අංශ ප්‍රධානියකු මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වෙත දුරකතන ඇමතුමක් ඔස්සේ යොමු කර ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

රැඳවුම් නියෝගයක් මත රඳවා සිටින සැකකරුවකු සමඟ එසේ දුරකතනයකින් කතාබහ කිරීමට අවස්ථාවක් දිය නොහැකි බව සඳහන් කරමින් එම නිලධාරියා විසින් එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ. අනතුරුව ඔහු ඒ බව සිය උසස් නිලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත.

“රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකරුවන් සමඟ දුරකතනයෙන් කතාබහ කිරීමට මෙන්ම ඥාතීන් හෝ නීතිඥවරු හැරුණුකොට කිසිවකුටත් හමුවීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හොඳාකාරව දැන සිටින අයෙක්. එහෙම තිබියදී පිල්ලෙයාන් සම්බන්ධයෙන් ඇයි එතුමාට දුරකතන ඇමතුමකින් කතා කරන්න තරම් විශේෂත්වයක් ඇති වෙලා තියෙන්නේ කියන එක අපි හැමෝටම ගැටලුවක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ විවිධ පුද්ගලයන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරලා තියෙනවා. දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් පවා බොහෝ අය ඒ අතර සිටිනවා. ඒත් ඒ කිසිම අයකු සමඟ කතා කරන්න තිබ්බ නැති උනන්දුවක් ඇයි පිල්ලෙයාන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට තියෙන්නේ කියන එක සොයා බැලිය යුතුම කාරණාවක්“ යැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත යොමු කර ඇත්තේ යැයි පැවසෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව භාරව සිටින පෞද්ගලික පොලිස් ආරක්ෂකයාය. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කර අනතුරුව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව ද එම නිලධාරියා සඳහන් කළේය.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories