2026 ජූලි 25 සෙනසුරාදා, 15:30
නවතම පුවත්

පළාත් හතරක වායු ගුණාත්මකභාවය පහළට

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය මේ දිනවල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. විශේෂයෙන්ම උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය ඉහළ ගොස් ඇති බව එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඊයේ සහ අද දිනයන් තුළ සිදුකළ නිරීක්ෂණවලට අනුව වායු තත්ත්ව දර්ශකය 150ත් 200ත් අතර අගයක පවතින බව වාර්තා වේ. අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසම් සුළං සක්‍රිය වීමත් සමඟ අසල්වැසි රටවලින් ගලා එන වායු දූෂක අංශු මෙරට වායුගෝලයට එක්වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.

මෙම තත්ත්වය පසුගිය වසර කිහිපය පුරාවටම දෙසැම්බර් මාසය තුළ නිරීක්ෂණය වූ බවත්, මධ්‍යම පරිසර අධිකාරිය මේ පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් පසුවන බවත් ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය. වායු ගුණාත්මකභාවය පහළයාම හේතුවෙන් ස්වසන අපහසුතා ඇති පුද්ගලයින් සහ සංවේදී පුද්ගලයින් ඒ පිළිබඳව සැලකිලිමත් වීමත්, අවශ්‍ය වුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් සුදුසු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත්, වායු ගෝලයේ පවතින මෙම අහිතකර ස්වභාවය අද දිනයෙන් පසුව ක්‍රමයෙන් පහව යනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. පරිසර තත්ත්වයන් වෙනස් වීමත් සමඟ වායුවේ ගුණාත්මකභාවය යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද බලධාරීන් විශ්වාසය පළ කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories