රජයේ සංවර්ධන ඉලක්කයන් වේගවත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින්, අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කරමින් නව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. මෙම සංශෝධනය 2026 වසරට අදාළ අයවැය ක්‍රියාත්මක කිරීමට සමගාමීව සිදුකිරීමට රජය තීරණය කර ඇත.
නව තනතුරු සඳහා දිවුරුම් දුන් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පහත පරිදි වේ:
නව අමාත්‍යවරු
බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය
අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය
නව නියෝජ්‍ය අමාත්‍යවරු
ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
ටී.බී. සරත් – නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
එම්.එම්. මොහොමඩ් මුනීර් – ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
එරංග ගුණසේකර – නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
වෛද්‍ය මුදිත හංසක විජයමුණි – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
අරවින්ද සෙනරත් විතාරණ – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
එච්.එම්. දිනිදු සමන් කුමාර – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
මෙම සංශෝධනය තුළින් රජයේ පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින්, රටේ සංවර්ධන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට නව බලවේගයක් එක්කර ගැනීම අපේක්ෂා කෙරේ.